Pages

Sunday, August 20, 2023

සූකර වහලුන් බුකියේ වැලලෙන එක තීවුර කරමින් තිබේ.


 තත්වය උණුසුම් වෙමින් පවතී. කියවීමක් සහ ඉතිහාසගත අත්දැකීම් නොමැති දේශපාලන සාක්ෂරතාවයකින් තොර අසූචි කෑමට ප්රිය වූ සූකර වහලුන් බුකියේ වැලලෙන එක තීවුර කරමින් තිබේ.
ආසන්නතම හේතුව බල්ලා පන අදින විට මැක්කන්ට වෙන සන්තෑසිය ඉවෙන් මෙන් දැනෙමින් තිබෙන හෙයිනි.
මේ අතර ප්රතිවිප්ලවවාදීන් හෙවත් මේ අකුල් හෙලන ඥාතීන් සතුරන් වෙමින් ප්රභූ පන්තියේ ග්රහණයට නතුවෙමින් තිබේ.
එසේ වන්නේ ජයග්රහණය ආසන්න වෙමින් තිබෙන විට බව අප හොදින්ම දන්නා සත්ය වේ.ප්රභූ පැලැන්තියේ කුලී හේවායින් වන මේ අය පලමු ඉදිරිපෙල මෙහෙයුමට දමා මාන බලන්නේ අවසන් මොහොතේ හෝ ජයග්රහණයයි.
විශාල මුදල් කන්දරාවක් වියදම් කරමින් අහිංසක පොදු මහජනතාවගේ මනස් කුහරයට බොරු බේගල් අපහාස උපහාස මෙන්ම ව්යාජ සැකසීම් කරමින් සමාජ මාධ්ය පුරාම මෙහෙයුමක් දියත් කරයි.
කෙසේ වුවත් මේවන විට ග්රාමීය මටිටමින්ම පොදු ජනතාව සත්ය තේරුම් ගෙන වෙනස් වී ඇති බවට සාක්ෂි ඔනෑවටත් වඩා තිබේ.
එහෙයින් මේ සූකර වහලුන්ගේ මුසාවන් අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කිරීමට පොදු මහජනතාව සැදී පැහැදී සිටී.
පවතින තත්වය අතිශයින්ම සංකීර්ණ වෙමින් තිබේ . ඔබේ අවබෝධය සහ දැනුම නොරැවටී සිටීමේ ශක්තිය මේ මොහොතේ අපට දිරියක් ලබා දෙන්නේය. අශ්වයාට යන්න දෙන්නේ නැත. මේ වන විටද ස්තාලය වටකර හමාරයි.
අශ්වයාගේ කෑගැසීම හැර ඔහුට වෙත් දෙයක් කල නොහැක.ඔහු මරණ බිය දැක කෑගැසීම අවසන් වන තෙක් අපට ද ස්තාලය අල්ලා ගැණීමට උවමනාවක් නැත.
වෙදහූටියා

Sunday, January 9, 2022

ඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි..

 ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ.

එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව පැවැසූ ඒ මහතා දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවද කියා සිටියේය.

ඒඅනුව මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසීය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ඒ මහතා මීට දින කිහිපයකට පෙර ගුවන්විදුලි නාළිකාවක් සමඟ කියා සිටියේ ජනවාරි මාසය මැද පමණ වන විට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි.

Previous News

AKD Theme song