Pages

Friday, December 16, 2011

ඇත්තටම ඔබ ඇත්ත දන්නවද?


                                  ඇත්ත කියල අපි හිතන් ඉන්න දේවල් ඇත්තටම ඇත්තද?  ටිකක් හිතන්න .එහෙනම් ඒවා බොරුද?. ජීවිත කාලයේම අපට තියන ප්‍රශ්ණ තමයි මේවා.ඒත් කවදාවත් මේවට හරි පිලිතුරු ලැබෙන්නෙ නැහැ.එහෙම වන්නේ අපි ලග තියන උත්තරයයි, බාහිරින් අපිට ලැබෙන පිලිතුරුයි ගැලපෙන්නේ  නැති නිසා. ඒත් අපි හිතනවා ඇත්තටම මේවා දන්න අය ඉන්නවා කියල. සාස්තර කාරයො බුද්ධිමතුන් යැයි කියාගන්නා අය.ගවේශකයෝ ශාස්ත්‍රෘවරු මුනිවරයෝ. දෙවියෝ  අපේ නායකයෝ , මේ අයට අපි ගරු කරනවා. .අපිට වැඩිය දන්නවා.සහ වෙනස් කියලා .ඒත් මොහොතකටවත් අපි හිතුවද මේ අය කවුද, මොකක්ද මේ අයගේ වෙනස කියල.නැහැනේ ?බාහිරින්  කියපු කරපු දේවල් දිහා බලලා අපි තීරණය කරනවා.ඒක හරියට අලියා හෙන්ඩුව සහ ඇත් ගොව්වගේ කතාව වගේ. මේක නොතේරෙනකන් අපි කොට අදිනවා.ඊලගට මේක තේරෙනවා, අලියට යම් දවසක.ඒ වෙනකොට ශක්තියෙන් හීන වී වයසට ගිහිල්ල.එතකොට හෙන්ඩුවෙන්වත් ඇත් ගොව්වගෙන්වත් වැඩක් නැහැ .තනියම නැගීහිටින්න වාරු නැහැ.ඉතින්,ඇත් පැටවුන්ටවත් ඕක කිව්වනම් නේද හොද. ඔව්.ඒත් උන් විශ්වාස කරන්නේ වයස අලින්ගේ ගොං කතා නොවේයි.ඇත් ගොව්වන්ගේ වහසි බස් සහ වරප්ප්‍රසාද.  වූන්ටත් ඒක තේරෙන්නේ වයසට ගියාම . මේ ඇත්තවත් ඔබට තේරුණොත් ඔබ සැබැ සත්‍ය අවබෝධ වී යන ගමන සාර්ථකව නිමා කරා වී.....

 අභිසංඛ

No comments:

Post a Comment

Previous News

AKD Theme song