මොකක් ද මේ කතාව පුදුමයි නේද? නැහැ කිසිම පුදුමයක් නැහැ . ඇත්ත මේකයි. සුන්දරත්වය දැනෙන්න ආදරය කරන්න හැම කෙනෙකුටම පුළුවන්කමක් නැහැ. ඒක පැහැදිලිව ම මායාවක් ඒය මායාවක් වන තරමට ම මිත්‍යාදුඨික වෙනවා. සමහර විට මෙය අවංක ආකර්ෂණීය ආදරය විය හැකියි. කෙහොම උනත් ඒක බොහෝම රමණීයයි. එහෙම වෙන්නේ කොහොමද? ... මේක පවතින්නේ ලිංගිකත්වය හා බැදුණු යොවුන් ආදරය තුලයි .අනෙක් සෑම ආදරයක් තුලම පවතින්නේ වගකීම් සහ යුතුකම් පමණී. උදාහරණයකට අපි දෙමව්පියන්ට වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට දක්වන සෙනෙහස තුල ඇත්තේ එවැනි දෙයක් ඒක පැන්ටසියක් නොවේ. යථාර්තවාදී හැගීමක් නමුත් ලිංගිකත්වය හා බැදුණු ආදරය තුල පැහැදිලිවම ඇත්තේ මිත්‍යාදුෂ්ඨිකත්වයක් ඒ සදහා ඔප්පු කල හැකි සාධක ඔබ ලග ඕනෑ තරම් ඇති. ආදරය කරන විට අපි පුදුම විදිහට සිහින මවනවා. ඒ සියල්ලම සුබවාදියි අවිශ්වාසයක් ඇතේම නැහැ, වෙන ලෝකේ කිසිම කෙනෙක් කියන දෙයක් විශ්වාසත් නැහැ. වීරයා, ගැලවුම්කාරයා, දෙවියන්වහන්සේ සියල්ලම ඔහු හෝ ඇයයි. මේක නොවෙයි ද ඇත්ත. ඒත් එකම ගැටලුව මේ මිත්‍යාදුෂ්ඨික පැන්ටසි ලෝකයේ හැමදාම ඉන්න පුළුවන් කමක් නැහැ. යථාර්තය දකින්නම වෙනවා.මේ කාරණේ නිසාම මේක මායාවක්! මේ තරම් ආකර්ෂණීය වෙනත් දෙයක් මේ සක්‍රීය ලෝකයේ කිසිම තැනක පවතින්නේ නැහැ. දැන් මගේ ප්‍රශ්ණය මේක සුන්දරත්වයෙන්ම පවත්වාගෙන යමින් දුෂ්ඨිමය මායාවේ ම ජීවිතය පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නයි. මෙය කලහැකි කාරණයක්! ඒ සුන්රත්වයට ඔබ ඇලී සිටී නම්, ( ඔබේ සහකරු හෝ සහකාරිය ද) මේ ජීවත්වන සමාජයේ කුමන ප්‍රශ්ණ පැන නැගුණත් මේ දුෂ්ඨියෙන් බැහැර නොවී ක්‍රියාකල යුතුය. එවිය අවබෝධාත්මක සාර්ථක ප්‍රේමයක් පවත්වාගෙන යා හැකිය. .එසේ නොවී මෙයින් බැහැරව අවධි වී ප්‍රේමය සහ ආදරය විදින්න ගිය හොත් එය යථාර්ථයක් වනු ඇත. ඒවිට මිත්‍යාදුෂ්ඨියෙන් බැහැර වන්නේය. එය සුන්දර ආදරණීය ප්‍රේමයක් වන්නේම නැත.
(මෙය නිර්මාණශීලී අදහසක් පමණී)
අභි
(මෙය නිර්මාණශීලී අදහසක් පමණී)
අභි
No comments:
Post a Comment