Pages

Tuesday, March 6, 2012

සරාගී ගැහැණියකගේ ස්පර්ෂය සහ ශ්‍රී ලංකාවේ විපක්ෂය....


අප ජීවත්වන සමාජය තුල සැම සියලු ක්‍රියාවකදී ම දෙපැත්තක් තිබේ.එය එක් එක් කාරණාවන්හී දී විවිධ ස්වරූපයෙන් පෙනී සිටී.දේශපාලනයේ දී ද මෙය ඒ අකාරයෙන්ම සමපාතය.දේශපාලනය සෑම විටම පවතින ක්‍රමවේදයන් අනුව මතවාද පවතී.ඒ පක්ෂ සහ විපක්ෂ වශයෙන් ය.ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයන්  තුල පක්ෂ විපක්ෂ දෙපාර්ශවයක් සිටින අතර බොහෝ විට පාලක පක්ෂයේ දුර්වලකම් හමුවේ, ඊලගට පාලන බලය ලබා ගැණිමේ අරමුණ ඇතිව    විපක්ෂය පෙළ ගැසෙන්නේය. එය අප ලෝක දේශපාලනයේ දැක ඇති කාරණයක්ය.
එයට විපක්ෂයේ බහුතරය ශක්තිමත් ද එසේ නොවන්නේද යන්න අදාල වන්නේ නැත.1948 සිට ශ්‍රී ලංකාවේ පැවැති තට්ටු මාරු දේශපාලනය තුල වුව ද විපක්ෂය ජනතාව වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළේය.එහෙයින්ම රට යම් ක්‍රමවේදයකට පැමිණියේ ය.
    ඒ අනුව අද සිදුවිය යුත්තේ ඉතිහාසයට වඩා වර්ථමාණය නිර්මාණශීලී වීමයි.ඒ හරහා අනාගතයට නව දැක්මක් ඉදිරිපත් කිරීමයි.මා දන්නා සහ හදාරා ඇති ඉතිහාසය තුල අද ශ්‍රී ලංකාවේ පවතින්නේ දුර්වලම මෙන්ම  ,අසංවිධානාත්මකම මෙන්ම දීන නපුර්සක විපක්ෂයකි.එයට හේතුව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ගේ නායකත්ව නුසුදුසුකමේ නොහැකියාව වන්නේය. එයින් මහජනතාවට වන විපත්තිය එසේ මෙසේ නොවන්නේය.එහෙයින්ම ආණ්ඩුව ලිංගික උත්තේජනයක් නොමැති පුරුෂයා හා සමාන වන්නේය. 
තම බිරිද කෘෂවන්න කෘෂවන්න ස්වාමියා තුල බිරිද කෙරෙහි පවතින ලිංගික උත්තේජනය අඩු වී ඔහු අනාචාරයේ හැසිරෙන්නෙක් වන්නේ ය. ඔහුට ඕනැ ඕනැ දේවල් කරන්නේය .පවුලට දරුවන්ට සලකන්නේ ද නැත. එහෙත් ඔහු දික්කසාද වන්නේ ද නැත. බිරිද මේ සියල්ල හොදින් දැන දැනත් ස්වාමියාට දීන වී කොන්ද නවාගෙන සිටින්නේය. එසේ වී ඇත්තේ ඇයි ද යන්න දන්නේ ද ඇය පමණී .
මේ අද අපේ විපක්ෂයයි.පිරිමියාව අකර්ශනය කර ගන්නේ කෙසේ ද යන්න ඇය කිසිසේත්ම සොයා බලන්නේ නැත. සරාගී ගැහැණියක් ලෙසින් යලි අකර්ෂණීය රූප ස්භාවයක් සකස් කරගත හොත් ස්වාමියා තම වසගයට ගෙන ඔහුට මතක හිටින පාඩමක් ඉගැන්විය හැකි වන්නේය. එසේ නොවන කල් හි  ඒ හා සමාන අපේ විපක්ෂයේ සිටින ගැහැණිය ගැහැණියනගේ ලක්ෂණ පෙන්නුම් නොකරණ තාක් සරාගී වන්නේ කෙසේ ද ?  ඇය එසේ නොවන කල්හි ඇයට සැමියා වසග වන්නේ නැති අතර ඔහු අනාචාරයේ ම හැසිරෙන්නේ ය.
 යම් මොහොතක මේ පවුල විනාශ වුවහොත් එහි වගකීම ඇය විසින්ම දැරිය යුතුය. ඉදිරියේදී මේ රටේ ජනතාවට විදින්න සිදුවන අසීරුතා වලට මේ ගැහැණිය වගකිව යුතු නොවන්නේ ද?(නිර්මාණශීලී අදහසක් පමණි).


 අභිසංඛ

No comments:

Post a Comment

Previous News

AKD Theme song