Pages

Wednesday, March 7, 2012

මගේ අමතක වූ මතකයෙන් බිදක් නිර්මාණශීලී සිතීමක් 10 - 11 මතකය

                                                      (  අලුත් විශේෂාංගය )
                                  
                                                        1

         පුංචිම කාලේ ,දන ගගා ඇවිදින එක මට එපා වෙලාම දවසක් කෙලින් හිටගෙන ඇවිදින්න උත්සහ කලා, ඒත් ඒක එක පාරටම කරන්න බැරිව ගියා. අම්මත් ආසයි මම ඇවිදිනවා බලන්න.ඒත් ඇය බයයි මම වැටිලා තුවාල වෙයි කියලා.හැම අම්මාම  කැමතිය තමන්ගේ පුතා දක්ෂයෙක් වෙනවට, මටත් ඕනැ කලා අම්මාව පුදුම කරවන්න .එහෙම හිතල දවසක් අම්මා ඉන්න තැනදීම වැටුනත් කමක් නැහැ කියල නැගිටලා ඇවිදගෙන ගියා. මටත් පුදුමයි! කොහොම ද ඇවිද්දේ කියලා.එදා තමයි. මට මතක හැටියට ඉස්සරලා ම මම ඇවිදපු දවස .මම හිතුවා ඒ එක්කම අම්මා ඇවිල්ල මම බදාගෙන ආදරයෙන් පුදුම වෙයි කියලා.එත් සිද්ධ වුනේ මහා පුදුම දෙයක්, ඇය මට බැනගෙන බැනගෙන ගියා. කිසිම හාදුවක් දුන්නේ නැහැ මට හරිම දුකයි.එත් පසුව මම දැන ගත්තේ එදා අම්මා හිතල තියෙන්නේ අම්මට හොරෙන් ඇවිදින්න පුරුදුවෙලා ඇයි ඒක අම්මට කිව්වෙ නැත්තේ කියලා,ඇයට තරහ ගිහිල්ල තියෙන්නේ ඒකටයි. ඉතින් දෙයියනේ ඒකට මම මොකද කරන්නේ.මමවත් දන්නේ නැහැ මම ඇවිදපු හැටි... අම්මට ඒක කොහොම කියන්න ද...ඔහොම තමයි අපේ අම්මගේ හැටි.....(අර්ථය නිර්මාණශීලීව හිතන්න)........................
                                              2
                                                                                                
                        මගේ තාත්තගේ ආච්චිට ගොඩාක් වයසයි.ඒ උනාට හැම වෙලාවේ ම හිනාවෙලා තමයි,ඇය ඉන්නේ.ඒත් මම කැමති නැහැ එයාට.මම එයාට හරියට හිරිහැර කරනවා.ඒත් එයා මාත් එක්ක තරහ නැහැ. මාව අල්ලගෙන හාදු දෙනව.මම එතකොට එයාට ගහනවා.. ඒත් එයා හිනාවෙනව.හරි පුදුමයි මට ඒ කාළේ,මම දන්න දවසේ ඉදලා ආච්චිට ඇවිදින්න බැහැ. ඇදේම තමයි ඉන්නේ, නාන්න ලිද ලගට එයාව උස්සගෙන යන්නේ මගේ තාත්තා,ඉස්සර අපි Bath room.ගැන අහලවත් නැහැ.මම හැම විටම මේ සිද්ධිය දැකල කෙන්තියෙන් තමා ඉන්නේ.මගේ තාත්තා කවදාවත් මාව උස්සගෙන නාවන්න ගිහිල්ල නැහැ.මටත් ඇවිදින්න බැරි කාලයක් තිබුණා.දැන් ආච්චිටත් ඇවිදින්න බැහැ එහෙනම් අපි දෙන්නම එකයි.ඉතින් ඇයි තාත්තා මට වඩා ආච්චිට ආදරේ....
                      දවසක් අපේ තාත්තා ආච්චිව නාව නාව ඉන්නකොට මම ගිහිල්ල ආච්චිව තල්ලු කලා . ආච්චිව වැටුණා. ඉතින් මම හොදටෝම ඇඩුවා . තාත්තා මට ගැහුවා.තාත්තා මට ආදරේ නැහැ.. තාත්තා මාව උස්සගෙන නාන්න එක්කගෙන යන්නේ නැහැ.ඒත් ඔයා ආච්චිට එහෙම කරන්නේ නැහැ.ඔයා මගේ තාත්තා නෙමේයි ද?..මම තාත්තාගෙන් ඇහුවා. තාත්තා කිව්වා.ආච්චි වයසයි, ආච්චි ආය කවදාවත් ඇවිදින්නේ නැහැ.එයාගේ කකුල් පණ නැහැ කියල.මම ඇහුවා එහෙම නම් පොඩිකාලේ මටත් ඇවිදින්න බැරිව හිටියේ මගෙත් කකුල් පණ නැතිව ද කියලා.තාත්තා මගේ දිහා තරහින් ඒත් ආදරෙන් බලලා ඔයාට තේරෙන්නේ නැහැ පුතේ !. තවම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා,...කිව්වා... එදා නම් ඕක මට වැඩකට නැති දෙයක්..ඒත් ජීවිතේ... එදා ආච්චි ... අද .හෝ හෙට  මම..........හරි පුදුමයි නේද ?..(ඔබ ටිකක් නිර්මාණශීලීව ඔබ ගැන හිතන්න)....
                                    3
      ඒ කාලේ මම හරිම කුතුහලයෙන් ජිවත් වුනේ! මගේ ඔලුවට ඒක ඒක ප්‍රශ්ණ එනවා. ඒවා ඒ වයසට ළමයින්ගේ ඔලුවට එන ඒවා නොවෙයි, කියලා මටත් වෙලාවකට හිතෙනවා. මම ඉතින් මේවා ඔක්කොම අරගෙන යන්නේ අපේ අම්මා ලගට. ඇයට සමහර වෙලාවට මාව ඉතාම කරදරයක්.මම අහන ප්‍රශ්ණවලට ඇය ලග මොනවා හරි උත්තරත් තියනවා. ඒවායින් මගේ ප්‍රශ්ණයට උත්තරේ ලැබුණත් මම සෑහීමකට පත්වෙන්නේ නැහැ .ඒ කියන්නේ මම පණ්ඩිතයි. කියන ඒකනේ! ඒත් මගේ අම්මා මට ඒ වචනේ කියලා ,බනින්නේ නැහැ.අපි ඉස්සර කාර් එකක් දකින්නේ කලාතුරකින්. මම හරිම ආසයි කාර් එකක යන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ.දවසක් මම තාත්තට කිව්ව ඉන්න බැරිම තැන. තාත්තේ මට කාර් එකක් අරන් දෙන්න කියලා. තාත්තා එක පාරටම කිව්වා හරි පුතාට මම පුතාට කාර් එකක් අරන් දෙන්නම් කියල.මම කිව්වෙ නැහැ මට අරන් දෙන්න ඉස්සර වෙලා තාත්තා ගන්නකෝ, කියල. බැරි වෙලාවත් එහෙම වුනොත් මටනේ පාඩුවෙන්නේ.මම දන්නේ නැහැ කොහෙන් ද ගන්නේ ඒක එලවන්නේ කොහොම ද කියල මම ඉතින් හරිම සතුටින් හිටියා. දවසක් අපි නගරයට ආවා මමයි මල්ලියි, අම්මයි තාත්තයි.මල්ලිට නම් මොකුත් තේරෙන්නේ නැහැ.මිනිහ මෝඩයා වගේ අම්මගේ උකුලෙමයි. බිමට  බහින්නේම නැහැ .මම කැමති නැහැ ඔවට මම පයින්ම  යනවා.මට ඕනේ නැහැ තව කෙනෙකුගේ පිහිටෙන් ඇවිදින්න.තාත්තා මාව වඩාගන්න උත්සහ කලත් මම කැමති නැහැ. ඒත් මට ඇවිදින්නත් අමාරුයි. .කමක් නැහැ එහෙමයි, මගේ හැටි. මට හරිම සතුටුයි කාර් බස් එහෙම ගොඩාක් දැක්කා.අපි ඇදුම් ගත්තා. තව ගොඩාක් දේවල් ගත්තා.ඒත් මම කාර් එක ගැන අහුවෙවත් නැහැ.මම බලාගෙන හිටියේ තාත්තා මොකද කරන්නේ කියල.ඔහොම ගිහිල්ල ගිහිල්ල අපි විශාල සාප්පුවකට ගියා. ඒකේ ලස්සන ලස්සන දේවල් ගොඩාක් තිබුණා.කාර්, බස්, ලොරි එක එක වාහන තිබුණා.ඒත් ඒවා එකක්වත් පාරේ යන ඒවා නොවෙයි. පොඩි ඒවා.කමක් නැහැ මම පොඩ් එකානේ. පොඩි අයට පොඩි ඒවා! ලොකු අයට ලොකු ඒවා! එහෙමනේ. එක පාරටම තාත්තා මට කිවුවා පුතා කැමති හොදම කාර් එක මෙතනින් ගන්න කියල.මම  ගත්තා . ඒත් මට ප්‍රශ්ණ ගොඩයි.මොකුත් ඇහුවේ නැහැ. තාත්තට කෙන්ති යයි කියල. මම තාත්තට බයයි.තාත්තම ඒක ලොකු බැග් එකකට දාගෙන ගෙදර ගෙනාවා.දැන් මම එකක් දන්නවා.මේක පාරේ යන එකක් නොවෙයි.ඒ වගේම ලොකු අය එලවන ඒකකුත් නොවෙයි.කමක් නැහැ.ඒත් මට ගැටලුවක් තියනවා.මම කාර් එලවන්න දන්නේ නැහැ.ගෙදර ඇවිල්ල තාත්ත මට කාර් එක දීල... ඔන්න මම ඔයාගේ පොරොන්දුව ඉටුකලා කියල කිව්ව. මට හරිම සතුටුයි.මම බැග් එකෙන් කාර් එක එලියට ගත්තා ඒත් උත්සන්න බැහැ බරයි .දොරවල් ඔක්කොම වහලා.අරින්නත් බැහැ.මොනවා කරන්නත් ඉස්සරලා මේක ඇතුලට යන්න, එපායැයි. හොරෙන්ම කුස්සියෙන්  පිහියත් අරගෙන ගේ පිටිපස්සට  ගිහිල්ල ඉස්සරල දොරවල් දෙකම කැපුව! කෝ! ඩැයිවර් නැහැනේ... තාත්තේ ඇයි මට බොරු කළේ..මේකේ ඩැයියර් නැහැ. මට එලවන්න..ඉගැන්නුවෙත් නැහැ. ඔයා...තාත්තා ඇවිල්ල බැලුව..මම බයෙන් වගේ කාර් එකේ කැලි දෙක තාත්තා ලගට අරගෙන ගියා.ඔහු මගේ ඔලුව අතගැවා.  ..මොකුත් කිව්වෙ නැහැ.........(.මම වැරදි ද ඔහොම තමයි මගේ හැටි...)
අභිසංඛ

                                                                       4
                                                     මිනිස්සු අනික් මිනිහට කරදරයක්  නැතුව ජීවත් වෙනවා, නම්! ආගමක් මොකට ද පන්සල්, පල්ලි, කෝවිල් ගනේ ගිහිල්ල හතරගාතේ දාගෙන වැදගෙන ඉන්නේ මැරෙන්න බය මිනිස්සු..ඉතින් මට මේවා දැන්  තේරුණා ට  ඒ කියන්නේ මට තේරෙන්නේ නැති කාලේ මීට වඩා හොදට තේරුණා.මම අදහන්නේ බුදුහාමුදුරුවන්ගේ ආගම.කියල මට ඉගැන්නුවේ මගේ අම්මා.අපේ අම්මට තමයි.. වුවමනාව තිබුණේ මට වඩා දහම් පාසැල් යන්න. ඒත් ඒයට වයස වැඩියි! කියල මම දන්නවා එයාව දහම් පාසලට බාරගන්නේ නැහැ. ඒක නිසා ඉතින් මට තමයි කරදරේ ඇයි ... දහම් පාසැල් යන්න කියලා. ඒත් දවස් පහේම ඉස්කෝලේ ගිහිල්ල ...ඊට පස්සේ සෙනසුරාදා ටියුෂන් ගිහිල්ල.ඉරිදට විතරයි.පොඩි නිවාඩුවක් තියෙන්නේ. සෙල්ලමක්වත් කරන්න.එදාටත් ආයේ දහම් පාසැල් යන්න කියල කරදර කරනවා. මම මොන බොරු කිව්වත් අපේ අම්මා එක්ක ටිකක් බේරෙන්න අමාරුයි. ඉරිදට ගෙදර ඉන්නම බැහැ! ඇදගෙන හරි ගිහිල්ල දහම් පාසලේ ගේට්ටුවෙන් ඇතුලටම මාව දාල තමයි.එයා යන්නේ ඇතුලට ගියාට පස්සේ අයිමත් එලියට එන්න බැහැ. ඒක එයා දන්නවා. හමුදුරුවෝ එක්ක සෙල්ලම් බැහැ... ඇතුලෙ දි! කොහොම වුනත්  මට හිත නැහැ ඉගෙන ගන්න.මොකද මගේ අනිත් යාළුවෝ එකෙක්වත් දහම් පාසැල් යන වුන් නෙමේයි. මම මේකට පොඩි උපායක් කල්පනා කලා අපේ අම්මව රවටන්න .ඒත් ඒක ලේසි නැහැ.අම්මා ඉරිදා  උදේට පොළට යන ගමන් තමයි, මාව දහම් පාසලට දාන්නේ.මම කිසිම අකමැත්තක් නැතුව එක ඉරිදා උදේක ලැස්තිවෙලා අම්ම එක්කම ගියා. ඇයටත් පුදුමයි.මම කිව්වා අම්ම මාව පන්සලේ ගේට්ටුවෙන් ඇතුලට දාන්න ඕනේ ,නැහැ මම යන්නම්.කියලා..ඇය ඒකට කැමති වුනා ..එහෙම කියලා ඇය ටිකක් දුර නොපෙනී ගියාම මම ආපහු යනවා. හැබැයි යන්නේ ගෙදර නොවෙයි.ඔහොම ටික දවසක් ගිහිල්ල ඒක දවසක් වෙලාසනින් අම්මා බඩුත් අරන්  පෙළේ ඉදන් එන ගමන් පන්සට ඇවිල්ල මාව ගන්න.හරි වැඩේනේ මම දහම් පාසලේ නැහැනේ.මම දහම් පාසල ඇරෙන වෙලාවටම ගෙදර ආවා ... මෙන්න අම්මත් ගෙදර. මට  පොඩි සැකයක් හිතුණා  වැඩේ පත්තු වෙලා තමා කියලා.ඒත් අම්මා කිසිම සද්දයක් නැහැ මොකුත් අහුවෙත් නැහැ.ඒත් එදා හවස අද ඉගැන්නුවෙ මොනවද කියල අහුවා... මම මොනවා කියන්න ද..ඒත් මම බය නැහැ ඕවට.මම හරියටම උගන්නපු ඒව එකක් නෑර කිව්ව ගිය වෙලාවේ ඉදල කරපුවා...ඔක්කොම..අහගෙන ඉදල එයා අවසනේ මගෙන් අහනවා...ඔයා ඔක්කොම හරියට ඉගෙනගෙන තියනවා. ඒක ඇත්ත. ඒත් ඔයා බොරු කියන්න ඉගෙන ගෙනත් නැහැ. ඒක දන්නෙත් නැහැ, කියලා! මට හරිම ලැජ්ජාවක් හිතුණා.මම ඊලග සතියේ ඉදලා සෙල්ලම නවත්තලා දිගටම දහම් පාසැල් ගියා...ඒවායින්  ලබාගත්ත හොද ප්‍රතිපළු වලින් අද මම සතුටු වෙනවා.... ඒත් ඉතින් අපේ අම්මගේ හැටි එහෙම තමා......(. පොඩි දෙයක් තියනවා නේද?.)......
                                5
                 මම පොඩිම කාලේ  ගියේ ගමේ ඉස්කෝලෙට. ඒකේ තියෙන්නේ ශාලා තුනයි.අපේ ගමේ ළමයි විතරයි, ඒකට යන්නේ. මම උදේට ඉස්කෝලේ ගිය වෙලාවේ ඉදලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ වස්සවන්න කියල.අපිට ඒකාලේ කියල දුන්නේ එහෙමයි. වැස්සවලාහක දෙවියො තමයි වැස්ස දෙන්නේ කියල. දැන්නම් මට හිනායනවා. මොකද දැන් වැස්සවලාහක දෙවියන්ට වුනේ කියල.හරි මට එහෙම කියන්න හේතුවක් තිබුණා.වැස්සොත් කිසිම පන්තියක උගන්වන්න බැහැ. හිරිකඩ එනවා, ඩෙස් බංකු තෙමෙනවා.එතකොට අපිට ගුරුතුමා කියනවා. ගෙදර යන්න කියල.නැත්නම් අපිට ඕනේ විදිහට ඉන්න දීල අපේ ගුරුවරු එ අයගේ විවේක කාමරේට යනවා .ඊට පස්සේ අපේ නිදහස් ලෝකේ කෑගහනවා. හූ, කියනවා. පොතේ බාගයක් ඉවර වෙනකන් පිටු ඉරල බෝට්ටු හදල කානු දිගේ යවනවා.මම අදත් ජීවත් වෙන්නේ ඒලෝකේ ඒ හරිම අපූරු සුන්දර ලෝකයක්.ඉතින් දවසක් අපූරු සිද්ධියක් වුනා.අදත් ඒ වැඩේ වෙනවා.මේ සමාජයේ සමහරුන්ට පොඩිකාලේ කරපුවා,ලොකු වෙනකොට පුරුද්දට යනව ද දන්නේ නැහැ. විශේෂයෙන් අපේ රටේ නීතියට සම්බන්ධ මහත්තුරු පොඩිකාලේ මම වගේ අය වෙන්න ඇති.අනේ මම නම් එදත් අදවත් එහෙම කෙනෙක් නොවෙයි. ඒත් මම ඒවා ඒ කාලේ දැනගෙන හිටියා.මම මේ කියන දවසේ හොදටෝම වැහැලා.වැස්ස ටිකක් බාගෙට අඩු වුනාට පස්සේ අපි ළමයි ඔක්කෝම ගෙදර යන්න පාරට ආවා. අපිට කුඩ තොප්පි කොහෙන් ද පොත් ටික කමිසේ අස්සෙන් බඩ ඇතුලට දාගන්නවා. අපි බොරලු පාරේ දුවනවා.  ඉතින් එදා වැහැල පාරේ වලවල් වල වතුර පිරිල. අපි ඒ මඩ වලවල් වල බැහැගන තමයි යන්නේ !දැන් අපි කට්ටිය ඔහොම වතුර වලට කකුලින් ගගහ යනවා. මේ කට්ටිය අතරේ එකෙක් ඉන්නවා ඌ මගේ තරහ කාරයා මාත් එක්ක කතා කලාට මම කැමති නැහැ. මිනිහට මිනිහා අපේ ගමේ නෙමෙයි.හරි පණ්ඩිතයි.සහ තව හේතු තියනවා. කෙටියෙන්ම කියනවා, මිනිහගේ තාත්තට සල්ලි තියනවා. කියලා එයාම කියනවා.ගුරුවරුන්ට තෑගි ගෙනැත් දෙනවා.එක එක දේවල් කරනවා.මට සල්ලි හුවමාරු මධ්‍යක් විතරයි.සල්ලි දෙයියන්ගේ මල්ලි කියනවානේ!අනේ මම කවදාවත් ඔය දේව පවුල් වලට ඔලුව නමන්නේ නැහැ .මම මනුෂ ජීවියෙක්! මම ගරු කරන්නේ මිනිසුන්ට විතරයි. කතාව දිග වෙනවා නේද ? හරි වැඩක්නේ වුනේ මම ලිස්සලා අර මඩ වලකට වැටුනානේ! හැබැයි මම හිතන්නේ කවුරු හරි තල්ලු කලා මාව, දනිසත් තුවාලත් වුනා ලේත් එනවා! දැන් මම අඩනවා! අනිත් අය හිනා වෙනවා. අනිත් මගේ යළුවෝ කියනවා. ඔයාව තල්ලු කළේ අරයා කියලා.මමත් ඒක විශ්වාස කලා. ගෙදර ගිහිල්ල කියන්න හේතුවක් තියෙන්නත් ඕනේ !නැත්නම් ඉදල ඉවරයි.මම අඩ අඩාම ගෙදර දුව ගෙනම  ගියා, අර මඩ ඇදුම් පිටින්ම. තාත්තත් ගෙදර! ඒ වෙලාවේ මොකද වුනේ !මොනවා කියන්න ද? මම කිව්ව අමරබන්දු මාව තල්ලු කලා, කියලා.තාත්තට කේන්ති ගියා. මට තේරුණේ නැහැ, වෙන්න යන දේ අම්මා මොකුත් ම කිව්වේ නැහැ .ඒ කියන්නේ තාත්තට අසූහාරදාහ ඉක්මවලා ඉන්නේ කියල අම්ම දන්නවා. මෙතැන තාත්තා ගැන කියන්න හොද නැහැ. එයා ටිකක් වෙනස් චරිතයක්! එදා ඒ ගමේ. අද මගේ තාත්තා අපි කාටත් යන්න වෙන තැනට ගිහිල්ල ඉවරයි. ඉතින් එදා මව එයාගේ බයිසිකගේ තියාගෙන අර මඩ තුවාල පිටින්ට තල්ලු කලා කියපු ළමයාගේ ගෙදරටම ගියා.ඊට පස්සේ වුන සිද්ධිය මම මෙතැන ලියන්නේ නැහැ.ඊට දවස් දෙකකට පස්සේ මම තුවාල වලට බේත් දාගෙන ඉස්කොලේ ගියා.අර ළමයා ඊට පස්සේ ඉස්කොලේ ආවේ නැහැ. සතියකින් පස්සේ අස්වෙලා ගියා.පසු කාලීනව අපි හොද යාළුවෝ වුනා.එ සිද්ධයෙන් පස්සේ ජීවිතේ මට වුන කිසිම අසාධාරණයක් මම මගේ තාත්තට කිව්වේ නැහැ. එදත් කියපු මොඩකම කියලා අදත් මම හිතනවා .ඒ මගේ හැටි! අර අපේ තාත්තගේ හැටි! මිනිස්සු විවිධයි. නේ ද ! මම එක්ක තරහ ගන්න එපා. දැන් මම ඒ වගේ නැහැ . හැබැයි අදත් අපේ අය කරනවා! පවාදීම ...මම ඒකාලේ දැනගෙන හිටියා ඒක හැබැයි අද දන්නේ නැහැ...
                                     6
                             අපේ ගෙදරයි අපේ ආච්චිගේ මහ ගෙදරයි තියෙන්නේ එක ලග. එකම වත්තේ කිව්වොත් නිවැරදියි. ඒ කියන්නේ අපේ තාත්තගේ මහ ගෙදර තාත්තගේ අම්මට මම කියන්නේ මම්මා කියලා. දන්නේ නැහැ ඒ ඇයි කියලා.මම්මා වයසයි එයා තනියම ඉන්නේ. ඒ ගෙදර! ඒක මහා පරණ ගෙයක් මම ඒ කාලේ එයත් එක්ක තමයි හිටියේ. රැට නිදාගන්න යන්නේ එහාට.මම ඒකාලේ ඉදලම ලොකු මිනිහෙක් මට තනියම ඉන්න ඕනේ! කාටවත් තුරුල් වෙලා නිදාගන්න. ජීවත් වෙන්න මම කැමති නැහැ.අදත් එහෙම තමයි.ඉතාම ස්වාධීනයි.බැදීම් නැහැ ..මම කැමති නැහැ ඕවට ඉපදෙන්නෙත්  තනියම මැරෙන්නෙත් තනියම නම් ජීවත් වෙන්න ඕනෙත් තනියම! අවශ්‍යතාවයන් වලට තව අය ඕනේ නම් ඒක වෙනම කතාවක් .ඉතින් මම හතර දෙනෙක් විතර නිදාගන්න පුළුවන් ඇදක,මමයි මම්මයි නිදාගන්නේ මම්මා මට හරිම ආදරෙයි.එයා හරිම ලස්සන කෙනෙක් මම එයා වගේලු මට නම් ඒක පේන්නේ නැහැ. අනේ මන්ද ඔවා මම දන්නේ නැහැ.මම එක එක වැඩ කරනවා.එයාව බය කරන්න.දැන් නම් පැහැරගෙන යනවා,ගෝනි බිල්ලෝ සුදු වැන් ඕවා තමයි. දැන් බය කරන ඒවා ඕව කරන අය පොඩිකාලේ මොනවගේ වැඩද දන්නේ නැහැ, කළේ. සමහර ඒවා ආභාෂයෙන් එන එවා! මට නම් එහෙම තියනවා.මට ඉස්කෝලේ යන්න හිතුනේ නැති උනාම එක පාරටම උදේ නවය විතර වෙනකම් අතුරුදහන් වෙනවා.දැන් ඉන්න සමහර දරුවෝ දෙමව්පියන්ගෙන් කප්පම් ගන්නත් තමන් විසින්ම අතුරුදහන් වෙනවා. හැබැයි මම ඕවා ඒ කාළේ දන්නේ නැහැ. මම පාන්දර හරියේ හිමීට ම ඇද යටට වැටෙනවා.මම්මා දන්නවා. මම පාන්දර නැගිටලා යනවා! එයාගේ ඇගටත් උඩින් පැනල ඉස්කෝලේ යන්න කියලා .ඉතින් මම ඇදයට නිදාගන්නවා දවල් වෙනකම්ම. අම්මයි තාත්තයි සමහර දවසට උදෙන්ම වැඩට යනවා. ඒ දවස් වලට .තමයි මම මේක කරන්නේ.ඇදයට ගොඩාක් කරුවලයි! මම්මට පේන්නේ නැහැ.ස්කූල් බස් එක ගියාම මම ඇදයටින් එලියට ඇවිල්ල දුකින් වගේ මම්මට කියවනා මම ඊයේ ඇදෙන් වැටිලා. ඔයා මම ගැන චුට්ටක්වත් බැලුවේ නැහැ ස්කූල් බස් එකත් ගිහිල්ල දැන් මම කොහොමද ඉස්කෝලේ යන්නේ !ඇය ගොඩාක් දුක්වෙනවා! හැබැයි ඔය  වැඩේ දිගටම කරන්න බැරුව ගියා.මම්මා මම ගැන අවධානය වැඩිකලා.ඊට පස්සේ ඉතින් මම ඕකට වෙන උපායක් හොයා ගත්තා.ඒක පස්සේ කියන්නම් ඒකාලේ මගේ හැටි ඔහෝම තමා....දැන්නම් හිනා යනවා .....

                                               7

                                   සමාවෙන්න  ටිකක් කාර්ය බහුල වුනා . එත් මම හිතනවා. ඔබ මා සමග සිටී වී කියලා.මගේ ජීවිතය ලේඛණයයි.මා මියයන තෙක් මගේ අදහස් ඔබට කියනවා.මේ තාක්ෂණයත් සමග මා ඔබත් සමග සිටිනවා.මට සමාජය වෙනුවෙන් කල හැක්කේ ඔබව දැනුවත් කිරීම පමණයි.ඒ හැරුණාම සතුට ,විනෝදය.මා ඉතාම සරල සාමාන්‍ය මනුෂයෙක්.පරිසරය ,සමාජය සහ මිනිසුන් පමණයි. මගේ ධනය.අපේක්ෂාවන් බොහෝම සීමිතයි.මා අසීමිත ලෞකිකත්වයට ආදරය කරන්නේ නැත.මන්ද යත් එහි විදීමි සිමිතයි.එහෙත් ස්භාවය යථාර්ථය,අධ්‍යාත්මය එසේ නොවන්නේ ය. එය සුන්දරත්වයෙන් පිරිපුන් රමණීය දියඇල්ලක් හා සමාන වන්නේය.විදීමේ සීමාවක් නැත.සංචාරකයා  ස්භාවය නම් දියඇල්ල..අපට වන්නේය .එහි විදින්නෝ ද අපමය.පුංචි කාලේ අපි හැම දෙනාම වගේ කරුවලට බයයි.මමත් එහෙමයි.තනියම එළියටවත් බහින්නේ නැහැ .මොකද හේතුව අපිව බය කරනවා. අපේ වැඩිහිටියෝ, ඒ අයගේ වාසියට.එතකොට අපි එහෙ මෙහෙ යන්නේ නැහැනේ..ඒ වුනාට ඔය වැඩේ මාත් එක්ක හරි ගියේ නැහැ.අපේ පුංචි ගේ පිටිපස්සේ විශාල සියබලා ගහක් තිබුණා.ඒක  යට දවල්ටත් කරුවලයි. ඒ තරම් විශාලයි. මම හරිම ආසයි සියබලා කොළ උඩ නිදාගන්න. ඇග කසනවා! ඒත් ඒකාලේ ඔවා ගානක් නැහැ.ඉතින් මම හැම වෙලාවේම මේ කරුවල ගැන කල්පනා කරණවා. කොහොමද මේ බය නැතිකර ගන්නේ කියලා මට පොඩි අදහසක් ආවා! හිතට! මම කිවුවනේ අපේ ආච්චි ඉන්නේ අපේ ගෙදරට පහල ගෙදර කියල.අපි ඇස්දෙක වහ ගත්තහමත් කරුවලයි.මොකුත් පේන්නේ නැහැ.ඒත් එතකොට අපි කාටද බය වෙන්නේ!  ඒහෙනම් කරුවලේ ගියත් ඔය ටිකමනේ වෙන්නේ . කියල හිතල! දවසක් හොදටම කරුවල දවසක. කාටත් හොරෙන් මේ වැඩේ කරන්න බැලුවා.එහෙම හිතල ඇස් දෙක පියාගෙන ම ආච්චිලාගේ ගෙදරට යන්න හිතාගත්තා.එළිය තිබුණු වෙලාවේ හොදට පාර බලා ගත්තා.යන විදිහ එහෙම හිතලා ඔන්න එදා රැ වැඩේ අත්හදා බැලුවා.තවත් හොදට සරමත් ඔලුවේ ඉදන් වහගත්තා.දැන් චන්ඩියා වගේ යනවා .හැබැයි ඇස් අරින්න බැහැ.මැදහරියක් යනකොට පාර මතක නැහැ.දැන් තනකොල පෑගෙනවා.මොනවා කරන්නද කාට කියන්නද! ඇස් අරින්නත් බැහැ.කොහොම හරි ගියා.ගහක හැප්පිලා වැටුණා.මම අම්මේ කියලා කෑගැහුවා.අම්මා දුවගෙන ආවා.එයා බයවෙලා...මට බනිනවා...මම ඉතින් ඇහුන් නැහැ වගේ හිටියා..මොනවා කරන්නද අතත් තුවාල වෙලා...මගේ හැටි තමා............

                                              8

    කණගාටුයි  කියන්න .මම ඔබට කිව්ව පොරොන්දුව ඉටුකලේ නැහැ .හැමදාම ලියනවා කිව්වට ඒක කරගන්න බැරිවෙනවා මොකද  නිදහසේ හිතලා වැඩක් කරන්න . මානසික නිදහස අඩුවෙලා..මට නම් පුද්ගලික ප්‍රශ්ණ අඩුයි. ඒත් දැන් සමාජයේ ප්‍රශ්ණ මගේ ප්‍රශ්ණ කරගෙන ඒවාට උත්තර හොයන්න ගිහිල්ල..කාලය නාස්ති කරගෙන.ඒත් ඒවාට අපි හිතන උත්තරවත් ලැබෙන්නේ  නැහැ..ජීවත් වීමත් ප්‍රධාන අර්බුදයක් බවට    අද වන විට ශ්‍රී ලංකිකයින් පත්ව සිටිනවා..පොඩි  කාලේ අපි ගෙදරින් එක එත දේවල් ඉල්ලනවා. සමහර වෙලාවට ඒවා ලබාදෙන්න තරම් වත්කමක් මගේ දෙමව්පියන්ට තිබුණේ නැහැ ..ඒත් මම ඕවා දන්නෙත් නැහැ. මට ඒවා වැඩකුත් නැහැ. මට ඕනේ දේ කොහෝම හරි මට ඕනේ.! ඒක මට දුන්නේ නැත්නම් අරන් දෙනකන් මම අඩනවා. ඒක මගේ හැටි...ඇයි මම එහෙම කරන්නේ.මම වෙන කාගෙන් ඉල්ලන්න ද? මගේ ගෙදර විධායකය අපේ තාත්තා මහ බැංකුව අපේ අම්මා ඒක මම දන්නවා . මම අම්මගේ ඉල්ලුවොත් මොනවා හරි අරන් දෙන්න කියලා. එයා කියනවා තාත්තට කියන්න කියලා.තාත්තට කිව්වෙත් කියනවා මගේ ලග සල්ලි නැහැ.. කියලා.. මම කරන්නේ දෙන්නම ඉන්න තැනදී ඉල්ලනවා..එතකොට කොහෝම හරි කරන්න එපැයැයි..උත්තරයක් දෙනකම්ම අඩනවා ..සමහර වෙලාවට ..අම්මා කියනවා ඇයි ළමයෝ අපිට මෙහෙම කරදර කරන්නේ කියලා..මට ඉතින් දුකත් හිතෙනවා..ඒත් මොනවා කරන්නද?ඒගොල්ලලෝ මගේ ප්‍රශ්ණ දන්නේ නැහැනේ...සමහර වෙලාවට ඌඔට මොකවත් අරන් දෙන්නේ නැහැ.. කියලා තර්ජනය කරනවා.ඒතකොට මට අහන්න හිතෙනවා! ඇයි ඔයගොල්ලෝ මාව මෙලෝකෙට බිහිකලේ කියලා අහන්න.. ඒත්  එක හොද නැති කතාවක් කියල මම දන්නවා...ඒලොල්ලො ඒ අයට ඕනේ දේවල් කරල හරියන්නේ නැහැ..මමනේ ඒදෙන්න නියෝජනය කරන්නේ..මොකද මම නැත්නම් ඒදෙන්නට ජීවිතයක් නැහැ..ඒ දෙන්නා නියෝජනය කරන්නේ මමයි..දවසක් මට තරහ ගිහිල්ල මම ඇහුවා ඔය විධායකයටයි .. මහ බැංකුවටයි   මගේ ප්‍රශ්ණ විසදන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න කියලා..එතකොට තාත්තා මට කියනවා. මේ රටේ මිනිස්සු  චන්දෙන් විධායක ජනාධිපති පත්කලා..ඒත්  ඒයා ජනතාවගේ ප්‍රශ්ණ විසදන්න අසමත් වුනා! ඒත් දැන්  ඒයා ඉල්ලා අස්වෙනවද?  කියලා... මට  කට උත්තර නැතිව ගියා. මොකද මම දන්න දේශපාලනයක් නැහැ... මට ඕනේ මගේ දැවෙන ප්‍රශ්ණ වලට උත්තර..
ඒත් තාත්තයි අම්මයි එලවලා මම අවජාතකයෙක් වෙන්නද? අනේ මම ඔවා දන්නේ .. මම පොඩි එකා මට ඕවා තේරෙන්නේ නැහැ ඔයාලා හරි මට කියලා දෙන්න!.......
   9
  
                 ඉස්සර තිබුණු උනන්දුව අඩුවෙලා ද කොහෙද දැන් ලියන්න හරිම කම්මැලි කමක් දැනෙනවා.අපි පොඩි අය  විදිහට ලොකු අයගේ අවධාවය දිනාගන්න වැඩකරන්න කැමතියිනේ. ඒත් දැන් අපේ නැන්දලා මාමලාට වගේම අපේ  තාත්තටයි අම්මටයි  මගේ දේවල් අගේ කරන්න වෙලාවක්  නැහැ වගේ, අනික මට හිතෙනවා අපේ පුංචි අහිංසක වැඩ ඒ අය දකින්නේ මොඩ විදිහට කියල.ඒක නිසානේ අපේ දේවල් අගේ කරන්නේ නැත්තේ ඉතින අපිට මොකෝ ඒ අයට ඕනේ නැත්නම්,මට කොහෙත්ම ඕනේ නැහැ.ඒත් මම කල්පනා කලා,මම කරන වැඩයි ඔය ලොකු අය ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි වගේ ලොකු මාමලා නැන්දලා කරන වැඩ ඒ අය  වැඩ කරන්නේ කාගේ අවධානය දිනාගන්නද කියලා බලන්න.මම ආසයි ලොකු චන්ඩි වැඩක් කලාම ඒ කියන්නේ ලොකු අය ඉන්න තැනමොනවා හරි ඒ අය හිනැහෙන දෙයක් කියන්න, නැත්නම් පන්තියේ ළමයකුට ගහලා ගෙදර ඇවිත් අම්මට හොරෙන් තාත්තට කියන්න.ඒ අය හිනා වෙලා ඊට පස්සේ මගේ ඔලුව අතගාලා ලොක්කා දැන් පැහිච්ච කතා කියනවා, චන්ඩියා වගේ ළමයින්ට  ගහනවා නේද කොහෙන්ද ඔවා ඉගෙන ගත්තේ කියල අහනවා.එතකොට මට සතුටුයි ඒත් ඉගෙන ගත්තේ කෙහෙන්ද කියලා හරියට මතක නැහැ. ඒත් අපේ සමහර රට පාලනය කරන මාමලා කියන කතා වගේම ඒ අයගේ චන්ඩි වැඩ විරයෝ වගේනේ, එතකොට අපේ ඉතිහාසයේ රජතුමන්ලා වගේ කරන  දේවල් අහනකොට ඒගොල්ගොත්  මම වගේ පැහිච්ච කතා චන්ඩියා වගේ කරන වැඩ එක සමානයිනේ . ඉතින් මට මොනතරම් සතුටුයි ද  මොකද ඒ අයත් මම වගේ නිසා  අපේ අම්මයි තාත්තයි ඒ අයගේ  කතා ටෙලිවිෂන් එකේ  යනකොට බඩ අල්ලගෙන හිනා වෙනවා. ඊට පස්සේ කියනවා අයියෝ අපේ පුතාත් ඔයවගේ කතා  කියනවා කියලා. එතකොට මට අඩම්බරකමයි, සතුටයි දෙකම තියනවා. ඒ ඇයි මටත් රට පාලනය කරන මාමා කෙනෙක් වෙන්න ලෙසියෙන්  පුලුවන් නිසා . මට ඔවා තේරෙන්නේ නැහැ. ඒත් මට හිතෙනවා අපි අතර වෙනසක් නැහැ කියල... අනේ මාමේ තරහා වෙන්න ඒපා මම පොඩිකමට කියන කතානේ!  
                                                                               10
                                                මගේ අමතක නොවන මතක හැමදාම අමතක වෙනවා, මොකද දන්නවාද. අද ලියන, කියන ලේඛකයෝ වැඩියි. ඒක නිසාම අපි වගේ පොඩි අය ලියන දේවල් කියවන්න කවුරුත් නැහැ කියල හිතුණා. මොකද මම මේවා ලියුවට  අම්මයි තාත්තයි මට කීයක්වත්  දෙන්නේ නැහැ. අඩුම ගානේ රීලෝඩ් එකක්වත් දාගන්න. ඒ අය මට කියන්නේ උඹ ලේඛකයෙක් වෙලා හිගා කන්නද කියලා. ඒ අය මට දොස්තර කෙනෙක් වෙන්න කියලා. මම හිතන්නේ දොස්තර කෙනෙක් උනාම ප්‍රර්ථනා කරන්න වෙන්නේ රැකියාව තියාගන්න නම් සියලු මිනිස්සු ලෙඩ වේවායි කියල. ඒත් මට ඒක කරන්න බැහැ.  මොකද මම ලෙඩ උනාම ඒකේ අමාරුව මම දන්නවා. ඒ දුක තව කෙනෙකුට දෙන්න මට ප්‍රර්ථනාවක් කරන්න හිතන්නේ වත් නැහැ. මේ වගේ දේවල් හිතට එනකොට පිස්සු වගේ ,මේවා විසදන්න ගියහම පිස්සු තද වෙනවා.එතකොට ඉතින් හිතෙනවා පිස්සු හැදුණු පිස්සන්ගේ හිතට මොනවවත් එන්නේ නැති හින්දා උන් වගේ සැහැල්ලුවෙන් ඉන්න අපිට බැරි ඇයි කියලා.ඉස්සර මට තිබුණු ලොකුම ගැටලුව තමා මට ආදරේ කරන හැම දෙනාම මාව සිප ගන්න එක, අම්මයි තාත්තයි හැම වෙලාවේම කියනවා පුතේ අපි ඔයාට ගොඩාක් ආදරේ කියලා. එතකොට නැන්දලා මාමලා ආච්චිලා සීයලා ලොකු තාත්තලා අක්කලා, අයියලා යාළුවෝ මිත්‍රයෝ අසල්වැසියෝ තව මේ කී නොකී සැම සියලු දෙනා ආදරෙයි කියලා සිප ගන්නවා. ඊට අමතරව අපි ඔයාට ආදරෙටයි පුතා මේවා කරන්නේ , අරවා දෙන්නේ කියලා ඒක ඒක දේවල් දෙනවා. ඒ වගේම එක එක දේවල් බලාපොරොත්තු වෙනවා.මේ කාරණා නිසාම මම හැම දාම හිතුවේ ආදරේ කියන්නේ ගණුදෙනුවක් කියලා . ඊට එහායින් මට මොකූත් හිතුනේ නැහැ.අම්මයි තාත්තයි මට ආදරේ නිසා රසවත් කෑම ලස්සන ඇදුම් ඒ වගේ මම ඉල්ලන සෑම දේම,‍දෙනවා.  ඒව‍ගේම ඉගෙන ගන්නත් උදව් කරනවා. දන්නේ නැති දේවල්කියා දෙනවා. ඒත් මම ආදරේ කියලා බලාපොරොත්තු උනේ වෙනත් දෙයක්, ඒක මිහිරි හැගීමක් කියලා, ආදරේ කිව්වහම සතුටක් දැනෙයි කියලා .ඒත් මට කවදාවත්ම එහෙම දැනුනේ නැහැ. ආදරේ කිව්ව හැම දෙනාම මගෙන් බලාපොරොත්තු වු‍ණේ යුකුකම් සහ වගකීම්. මේ කාරණාව නිසාම මට ආදරේ එපා වෙලා හිටියේ. අම්මා දවසක් මට කිව්වා පුතේ අපි ඔයාට මේච්චර ආදරෙන් මේ දේවල් කරන්නේ ඔයා යහමගට ගන්න හොද පුරවැසියෙක්  කරන්න එහෙම උනාම අපිට කොච්චර සතුටුද කියලා. මම කල්පනා කලා මට ආදරේ කියලා, ඒගොල්ලෝ බලාපොරොත්තු සහ සතුට ඇතිකර  ගන්නවා. ඒත් මට ලැබෙන දෙයක් නැහැ. මම කිව්වා මට ආදරේ කියන්න එපා.ඒත් මම අම්ම‍ගෙයි තාත්තගෙයි සතුට වෙනුවෙන් වැඩ කරන්නම් කියලා.මම වෙන මොනවා කියන්නද ? .. එකක් මම අහලා තියනවා. අපේ ඉස්කෝලේ ලොකු අයියලා කතා කරනවා., මචං මං අර ලස්සන කෙල්ලට ආදරෙයි බං ඒත් එයා මට ආදරේ නැහැ.  මම කොච්චර ආදරේ කිව්වත් ඒ ළමයා මට ආදරේ කරන්න බැහැ කිව්වා. මට මැරෙන්න හිතෙනවා බං... මේ කතාව ඇහුනු වෙලාවේ මට කියන්න හිතුණා,අපේ අම්මට මම දුන්න උත්තරේ.... මොකද ඉතින් ඔය කොයි ආදරේත්  අවසන් ප්‍රතිපලය එක නිසා...... ඒත් ඉතින් මම තවම පොඩි ඒකා නිසා මම කියන දේවල් වල වැරදිත් තියෙන්න පුලුවන් නේද.! 
                                       11

                          පොඩි එකා‍ගේ නවකතාව
                                     මට පොත් එපා‍වෙලා ති‍යෙන්‍‍නේ ‍මොකද දන්නවද අ‍පේ ‍ගෙදර ‍පොත් පත්තර ඇති‍වෙන්න ති‍යෙනවා. කිසිම පිළිවෙලක් නැහැ. ඒත් මම කවදාවත් දැකලා නැහැ අ‍පේ අම්මයි තාත්තයි පොත් කියවනවා. ඒ‍‍ අය ‍පොත් ‍අර‍ගෙන එ‍න්නේ ම‍ගේ අනාගතය ‍වෙනු‍වෙන් කියල, අ‍පේ ‍ගෙදරට එන තාත්ත‍ගෙයි අම්ම‍ගෙයි හිතවතුන්ට කියනවා. අම්මටයි තාත්තටයි රාජකාරි වැඩි නිසා ‍වෙලාවක් නැහැ, කියවන්න කියල, ඒ අය අ‍නෙක් අයට කියනවා. ඒත් මම දන්නවා ඒ දෙන්නට ඔනේ තරම් වෙලාව තියනවා කියවන්න.  ‍මොකද ටිවී එක දිහා බලා‍ගෙන ඉන්න ‍වෙලා‍වෙන් හත‍රෙන් එකක් ‍පොත් කියවන්න ‍යෙ‍දෙව්ව නම්. අඩුම ගානේ ‍මේ ‍වෙන ‍කොට අ‍පේ අම්ම හරි තාත්තා හරි ‍මොකක් හරි ‍පොතක් ලියල. සම්මානත් අර‍ගෙන ඒත් අ‍පේ තාත්තා නම් ‍පොත් කියවනවා කියලා අනෙක් අයට ‍පේන්න අ‍පේ ‍ගෙදර තියන ‍පොත් එකින් එක ‍ගොඩ ගහලා ඒක ‍පො‍ටෝ එකක් අර‍ගෙන එයාගේ ‍පේස් බුක් එ‍කේ දානවා. දැන් ‍මේ අපි කියවන පොත් කියලා අනේ මට නම් ‍පේස් බුක් එකක් නැහැ. ඒ ‍මොකද මම තවම ‍කොම්පියුටරය පාවිච්චි කරන්න දන්‍නේ නැහැ, හැබැයි තාත්තයි අම්මයි කරන ‍මේ ව‍ගේ විහිලු වැඩ දැකල මට ‍කොම්පියුටරයට තිබුණු කැමැත්ත ආදරය දැන් නැති ‍වෙලා. ඒක හින්දම මම අමාරුවෙන් අර ‍ගෙදර තියන සිංහල ඉංගිරිසි ‍පොත් කියවනවා.ඒක ඉතින් නින්ද යන වැඩක් තමා ‍මොකද මට ‍තේ‍රෙන්‍නේ නැහැ‍නේ .ඒත් අමාරුවෙන් කියවනවා. අම්මටයි තාත්තටයි තියන ආද‍රේ නිසා. මම එ‍හෙම කියන්නේ බැරි වෙලාවත් එ අයගේ යාළු‍වෝ ‍ගෙදර ඇවිල්ල ‍මොකක්ද ළගදි කියවපු ‍පොත කියලා, ඇහු‍වෙත් නිකන් සවුත්තු ‍වෙනවා අම්මයි තාත්තයි. ඒත‍කොට ඉතින් පුතා විදිහට මට හරිම ලැජ්ජයි‍නේ එත‍කොට මම කියනවා ඒ අංකල්ලට, මම නම් කියවලා ති‍යෙන්‍න ‍පො‍තේ කතාව මම අම්මටයි තාත්තටයි කිව්වා, ඒක නිසා ඒ අය කියව්වේ නැහැ කියලා .. ඔය විදිහටයි මම ඒ අය ගැන හිතන්නේ...ඔ‍හොම සිද්ධියක් දවසක් සිද්ධ වුනා. මම අපේ තාත්තව ‍බේර ගත්තා ඒයාට හරිම සතුටුයි.දැන් එයා මට කියනවා ‍පොතක් ලියන්න කියලා. ඒත් ඒ අය‍ගේ එකම බලා‍පො‍රොත්තුව මට දොස්තර කෙ‍නෙක් කරන්නනේ . දැන් ඇයි මාව ‍ලේඛක‍යෙක් කරන්න දගලන්නේ කියලා නැදෑයෝ ගියාම මම අහුවා. ඊට ප‍ස්සේ තාත්තා කියනවා, දැන් මට හිතෙන්නේ පුතා ‍දොස්තර ‍කෙ‍නෙකුට වඩා ‍ලේඛකයෙක් ‍වෙන එක ‍ලේසියි. ඒව‍ගේම ඒ‍කේ ‍‍හොද පිළිගැනීමකුත් තියනවා. සල්ලි හම්බ කරන්නත් පුලුවන් කියලා. මම පුදුම වුණා, තාත්ත‍ගේ හිත ‍වෙනස් වුණු එක ගැන. අ‍නෙක් අතට පුදු‍මේ කියන්නේ  අම්මත් ඒක අනුමත කළානේ. එත් මට පුදුම දුකක් හිතු‍නේ. ඒ ‍මොකද දන්නවද අ‍පේ ජීවිත එකක් ‍මේ අය ‍සෙල්ලම් කරනවා. එයාලට ඔ‍නේ  ‍දේ අපි කළ යුතුයි. ඒත‍කොට අපිට ස්වාධීන ‍වෙන්න කිසිම ඉඩක් නැහැ. ඒ ‍වෙලාවේ මම අම්මටයි තාත්තටයි ආද‍රේ නිසා ‍මොකුත් ‍නොකියා නිකන් හිටියා. ඒත් තාත්ත‍ගේ කතාව දිගටම අහ‍ගෙන ඉද්දි මටත් ‍තේරුණා ‍ලේඛක‍යෙක් ‍වෙන එක ‍හොදයි කියලා. ඒත් මට හි‍‍තෙන විදිහ නම් පොත් පාඩම් කරලා පර්‍යෙෂණ කරලා විභාග පාස් ‍වෙලා ‍දොස්තර උනාට ඇත්තටම ‍ලේඛක‍යෙක් ‍වෙන්න එ‍හෙම ‍ලේසි‍යෙන් බැහැ. ‍ලේඛක‍යෙක් කියන්නේ සැබෑ  බුද්ධිම‍‍තෙක්.ඒත් ‍දොස්තර ‍කෙ‍නෙක් කියන්‍‍නේ විභාග පාස් ‍වෙලා ක්ෂ්ත්‍රය පිළිබද දැනුමි ‍තේරුම් ඇති උග‍තෙක්.  මේ ‍දෙන්නා කිසිම වි‍ටෙක සමාන ‍වෙන්නේ නැහැ,කියලා මම තාත්තට කිව්වා. තාත්තා කිව්වා පුතාට ඔය ‍දෙකම කරන්න පුලුවන් කියලා.. ඒ කො‍හොමද කියලා මම අහපුවාම, එයා කිව්වා ‍පොතක් ලියන ඒක මහ කජ්ජක්ද කියලා. එහෙම කියලා එයා මට කිව්වා ඔනේ  නම් මම ඔයාට සම්මානත් අරන් ‍දෙන්නම් කියලා.ඊට පස්සේ එයා මට බැගෑපත් ‍වෙලා කියනවා. අ‍නේ පුතේ ඔයාට පුලුවන් නම් අවුරුද්දකට මට එක ‍පොතක් ලියලා දෙන්න  කියලා. මම ඇහුවා ඒ ‍මොකටද තාත්තේ කියලා සම්මානවලට දාන්න කියලා එයා ගත් කටටම කිව්වා...මට පුදුම දුකක් ඇතිවුණා.  මම ‍පොත් කියවන එක නවත්වනවා කියලා හිතා ගත්තා. ඒතකොටම තමයි මට හිතු‍නේ එකත් එකටම තාත්තයි අම්මයි ‍මේච්චර අමාරුවෙන් මට උගන්වද්දිත් පොත් ගෙනත් ‍දෙන්නේ අනාගත‍යේදී මම ‍ලේඛක‍යෙක් කරලා ම‍ගේ අතින් පොත් ලියවලා  මට සම්මානත්  අරන් දීලා ඒ ‍ගොල්‍ලෝ සතුටු ‍‍වෙන්න කියලා... මට ‍දෙමව්පි‍යෝ ගැන පුදුම දුකක් ඇතිවුණා ව‍ගේම බුද්ධිමත් ලේඛකයා ගැනත් සැකයක් ඇති වුණා. ඒ නිසාම මම මින් ප‍ස්සේ ‍ගෙදරට ‍ගේන හැම ‍පොතක්ම කියවන්නේ නැහැ.  කියලා හිතා ගත්තා.

      

No comments:

Post a Comment