Pages

Saturday, July 20, 2024

හැමදාම පරාද එවුන් අහම්බෙන් හරි දිනන දවසක් එනවා. අනුරට අකමැති නම් කියපල්ලා !

 



මම වාමාංශික අදහස් ඇති ඒ වෙනුවෙන් පෙනී සිටිමින් පච්ච ගහගත්ත නිර්දන පන්තියේ ලියන්නෙක්. දක්ෂිණාංශික දේශපාලනය පරතෙරටම කියවපු, ඒ වෙනුවෙන් තප්පුලන මේලෝ අලබෝලයක් දන්නේ නැති උන් එක්කද එකපතේ කාපු එකෙක්.


ඒ වගේම වටේ ගිහින් ගෙටම එන, අන්තිමට බලන කොට නටපු තොවිලෙකුත් නැති බේරේ පලුවකුත් නැති රනිල් වගේ පොරවල් එක්ක බාල් නටපු එකෙක්. ඒක නිසා මේ කෙරුවාවල් වලින් සිදුවෙන්ට නියමිත අම්බානක කෙලවිල්ල වටේ ඉන්න උන්ට නොතේරුනාට මහපොලොවේ ජිවත් වෙමින්, මිනිසුන් අතර ඉන්න අපට පෙනෙන්නේ අමුතුම විදිහටයි.

ඒසී කාමර වල ඉදලා ලැප් එකෙන් කට් කරමින් පින්තුර එඩිට් කර මඩ ලොරි ගණන් පැටේව්වට හොදටම මඩ නාලා ඒවා එක්ක ජීවත් වුණු එවුන්ට දැන් අලුතින් ගහන්න මඩක් නැහැ.

හොදට මඩ නාලා කාලය විසින්ම ඒවා සුද්ධ වෙච්ච උන්ට දැන් මඩ ඈතින් එනකොටම එන දිසාව වගේම ඒවාට ඇන්ටි මිසයිල් ගහන විදිහත් ඒවා ඉවත් කරන නවීන අයුධ වලින් ද ඔවුන් මේ වෙද්දී සන්නද්ධ වී ඇති බව කිය යුතුය.

කුලියට මඩ අදින කුලීකාරයොයි ඇත්තටම මඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයොයි කවුරුන්ද කියා අපි හොදින්ම දන්නේය.

එහෙයින් මඩ ගහන වුන් එක්ක මේ වෙද්දි අපිට ගේමක් නැත. මඩ පැක්ටේරි කොහෙද කියෙන්නේ ඒවා කොයි වගේ මේ මඩ පැක්ටේරි විනාශ කරන්නේ කොහොමද කුමන වෙලාවේද යන්න කිසිවෙක් දන්නේද නැත. එහෙත් එය අපි දන්නේය.

මේ පැක්ටේරිවලට අවස්ථානුකූලව වෙන සැන්තෑසිය මේ කඩේ යන වැළපෙන උන්ගේ ඉහේ ඉන්න උකුණෙක්වත් දන්නේ නැත.ඒවා දැන ගන්න විදිහක් මේ අයට නැති බව වගකීමෙන් කියන්නෙමි.

ෆේස් බුක් නැත්නම් මාලිමාව මහපොලොවේ පත බෑවෙනවා යයි වහසි බස් දොඩන උන්ට කියන්න තියෙන්නේ මාලිමාව දැන් සහමුලින්ම ඉන්නේ මහපොලොවේ බවයි.

උත්තම පුජාවෙන් රෙදි නැතුව කඩේ යන සන්නිවේදනයේ මහ ඇදුරන්ට සහ ඒවා මෙහෙයවන අයට දැන් කියන්න තියෙන්නේ අපිත් උඹලා නොදන්නා වුනාට උබලත් එක්ක හිටිය උන් කියලයි.

නුඹලාගේ කොරුවාවල් සහ කැපෑසිටි එක අපි හොදින්ම දන්නවා. රෑප පෙටිටියෙන් දාන විසබීජ දැන් මහපොලොවේ ජීවත් වෙන මිනිසුන්ට ඉපෙක්ට් වෙන්නේ නැත.

මහපොලොවේ ඉන්න අපි උඹලා ඔහෙන් දානකොටම මෙහෙන් විනාශ කරන තැනට දැන් ශක්තිමත් වී ඇත්තෙමු. මේක හැමදාම පරාද වුනු උන්ගේ ගේමක්.

උන්ට ජයග්‍රහණයක් අරගෙන දෙන්න ස්භාවධර්මයේ ආශිර්වාදයක් සහයෝගයත් එකතු වෙලා .එක අමුතු එකක්. ඒක හින්දා මේ යන ගමන වලක්වන්නට හිතන්නවත් එපා.
වැඩක් වෙන්නේ නැහැ.

මොන ගේම් ගැහැවත් මොන සෙල්ලම් දැම්මත් කොයි විදිහෙන් ආවත් අපි පිරිස් බලයෙන් චින්තනයෙන් ශක්තිමත්.ඒ වගේම උපායශීලිත්වය සහ ඉවසීමේ ගුණයෙන්ද එඩිතර කැපවීමෙන්ද අවස්ථාව ලද සැනින් අක්‍රමණශිලිත්වය අභිබවා යා හැකි පිරිස් අප සමග ඉන්නවා.

ඒක බලයක් රහසක් සේ සගවාගෙන අපි ඉදිරියට ඇදෙනවා. හිතන්න එපා වැඩේ ලේසී වෙන්නේ නැහැ.

ටිකක් උසස් භාෂාවෙන් කිව්වොත් මේක පන්ති සටනක්. අවබෝධයෙන් අඩු එහෙත් අපේක්ෂාවන් කප්පරක් ඇතිව අපේක්ෂාභංගත්වයෙන් සිටින මැද පන්තියේ උන් එක්ක සන්ධාන ගතවෙලා උන්ගේ හයියෙන් යන ගමනක් .

උන් නිර්ධන පන්තියේ උන් වගේ නොවෙයි. තහඩු කැල්ලට හාල් කිලෝ පහකට රැවැටෙන ජාතියක් නොවෙයි. අවබෝධයෙන්ද මමත්වයෙන්ද පිරිච්ච එවුන් තමන්ගේ ගොඩ අඩුවෙන කොට උන්ට හොදට දැනෙනවා.

උන් තමයි දැන් මේ සටනේ මුලින්ම ඉන්නේ. එහෙම නැතුව රනිල් හමුගේ වලව්කාර සෙට් එක හරි. රාජපක්ෂලාට පදිරි වෙච්ච ගල්, වැලි, පස් පජාත සෙට් එක නොවෙයි.

ටයිකෝට් ගහගෙන කුඹුරට බැහැල වැඩකරන්න වගේම නාසා එකට ගිහිල්ලා රොකට් යවන උන්ට උපදෙස් දෙන්න පුලුවන් උනුත් මේකේ ඉන්නවා.

එක තමයි මේ පුනරුද යුගයේ සමාජ පෙරළියේ ස්භාවය. මේක කියවලා අවබෝධයක් නැතිනම් ආයමත් සැරයත් කියවලා තේරුම් ගනිල්ලා. දැන් උඹලට අපි තේරෙන භෂාවෙන් කියන්නේ නැහැ.

උඹලා බයවෙයල්ලා. මේ උඹලා කඩේ යන නාකි සෙට් එක ගහන ගේම උන්වත් දන්නේ නැහැ. එන බෝලෙට ගහනවා විතරයි.

එක ලකුණක් ගහලා ඊළග එකට හයක් ගහනවා වගේ පෙන්වනවා. එත් මුං එකෙත්වත් ජීවිතේට හයත් තියා හතරත්වත් ගහපු නැති උන්. පන්දමට පන්තියට ක්‍රිකට් ගහන්න ආපු උන්.ඇත්තම ටීම් එක ඉන්නේ ග්‍රවුන් එකෙන් එළියේ.

උන් එන්නේ ප්‍රේක්ෂකයින්ට මල පැනල ග්‍රවුන්ඩ් එක මැදට පැනලා මුන්ට ගහල එළවනකොට විතරයි. ඒ හුරේ දාන ප්‍රේක්ෂකයෝ හිතන්නේ මුන් තමයි පොරවල් කියලා.ඒ හින්දා උන්ටම තේරිලා මැච් එක කෙලවෙනකල්ම අපිට ඉන්න වෙනවා.

අපි එහෙම හිටියා. ප්‍රේක්ෂකයෝ කඩා පැන්නා. මුන් ඔක්කොම එලෙව්වා. දැන් මැච් එකක් නැහැ. ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ප්‍රේක්ෂයෝ. උන් අපිට එන්න කියනවා. එත් ගේට්ටුව අරින්නේ නැහැ.

අපි ගේට්ටුව වට කරගෙන ඉන්නේ. ඇයි ඒ, අපිට ගේට්ටුව කඩලා නීති විරෝධි වැඩ කරන හිතක් දැන් නැති නිසා. දැන් කියන්නේ මේකයි. සිකුරිටියෝ ගේට්ටුව ඇරපන්,අපිට එන්න දෙන්නේ නැත්නම් ඇතුලේ ඉන්න මිනිස්සු උඹලටත් ගහලා ගේට්ටුව කඩලා අපිට ඇතුළට ගන්නවා නියතයි. මේ අවසන් තප්පරයයි.

මේ කාරණා හොදින් වැටහෙනවා නම් රනිල් , මහින්ද හෝ බැසිල්ලා මේ වෙලාවේ අනවශ්‍ය ගේම් ප්ලෑන් කරන්නේ නැහැ.

එහෙත් ඔවුන්ට දැන් දුර පෙන්නේ නැහැ. ඒකට හේතුව පරාජයේ වියරුව.එත් දැන් තියන තත්වය අනුව මේ කිසිම දෙයක් මේ අයට කරන්න බෑ.

22 ගෙනැල්ලා රනිල් මිනිසුන්ට උඩින් හොද මුහුණ පෙන්නලා චොක්සි නැති නිසා ජයම්පතිට දුන්නා. එයා මේක හරියට කළේ නැහැ. දැන් තමයි මම නින්දෙන් ඇහැරුනේ, ඉතින් දැන් මේක කරල නිවැරදි කරන්න ඕනැ, වගේ මැටි කතා කියන්නේම නොමේරූ කමට නොවෙයි. දාර කපටි කමට.

මේක ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යය පුස්තකයට ඇතුලත් කරල හදිසි පනතක් විදිහට ගේන්න බැරි නිසා, සති දෙකක් ඇදල ඡන්දෙකට යනකොට මේ පැත්තෙන් ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීලා.

එතකොට ඔය කදවුරෙන් මොකෙක් හරි එන්න වෙනවා. මගේ දැනීමේ හැටියට නම් මේවගේ කුජීත වැඩක් කරලා, රනිල් බැසිල්ට ටොපියක් දීලා පොහොට්ටුවේ සහයෝගයෙන් සජිත්ට කෙළින්න නාමයෝජනා දෙන්න පුලුවන්, යන යකා කොරහ බිදගෙන යනවා සේ, මට නැත්නම් තොපිටත් දෙන්නේ නැහැ, වගේ වැඩක් කරයි.

එහෙම වුනොත් අනුරට ගේමක් ඇත්තෙම නැහැ.

ලැබෙන තොරතුරු අනුව අවසන් මොහොතේ සජියා රනිල් සමග ජේ ආර් ප්‍රේමදාස වගේ සෙට් වෙලා යන්නත් පුලුවන් බැසිල් අමාරුවේ දාල.

එහෙත් සජිත් ඉන්න සිටුවේෂන් එක එක්ක එහෙම එකතු වෙයි කියලා හිතන්න අමාරුයි.

අනෙක් අතට 2020 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණිලා ඉන්න නවක මන්ත්‍රිවරුන්ගේ පැන්ෂන් එක හදිසියේ පාර්ලිමේන්තුව විසිර වුවහොත් ඉවරයි. ඒක නිසා උන් ඔක්කොම මේ පනතට සහයෝගය දෙන්න පුලුවන්.
ඒත් 3/2 ගන්න එක හිතන තරම් ලේසී නැහැ. ඒක ඇතුලේ සමහරක්ට ගොක්කොල පේනවා. ඒක නිසා වැඩේ එච්චර දුරට ඇදෙන එකක් නැහැ. බැරිවෙලාවත් එහෙම වුනත්
ජානාධිපතිවරණය ඉස්සර වෙනවා.

හරියට ජනාධිපතිවරණයට පිටිපස්සෛන් ජනමත විචාරණයක් හරි මහා මැතිවරණයක් හරි පස්සෙන් එලවාගෙන එන වැඩක් වෙනවා. එහෙත් කාලය එක්ක මුදල් ප්‍රතිපාදන මැතිවරණ කොම්ෂන් සභාවේ ගැටලු මහා අලකලංචියක් වෙයි.

මේවායේ අවසාන තේරුම තමා, අනිත් උන් ඔක්කොම අවසන් මොහොත වෙකම්ම තමන්ට ඕනැ විදිහට පාවිච්චි කරලා රනිල් අන්තිම තප්පරය දක්වා ඉදලා මේකෙන් බැහැල යනවා කියන එක.

මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මහ ඉහළින් කතා කලා. ව්‍යවස්ථාවේ වංගුත් ගහලා එකෙනුත් මේක ගොඩදාන්න බැරි නම්, ගේම ඉල්ලලා රට අවුල් කරලා, මිනිස්සු පාරට ගෙනැල්ල රටේ නොසන්සුං තත්වත් ඇති කරලා හදිසි නීතිය දාල රට ගෙනියන වැඩේත් කරගන්න බැරි නම් මහත්හොරෙක් වගේ බැහැල යනවා කියලා විශ්වාසයක් අපට තියෙනවා

. මොකද එයා දන්නවා දැන් එයාගේ මස් කට්ටට රැවැටිලා බුරන එක නවත්වලා යන්න දෙන මෝඩ බල්ලෝ මේ වෙලාවේ නැහැ. අනෙක් අතට පුහුණු කරපු මිනිකන බල්ලෝ යටි බිම්ගතව සිටින බව ද ඔහු හොදින්ම දනී. එහෙයින්ම මේක දුටුගැමුණු එළාර ගල උඩ සටනකි. අනෙක් අතට රටක් ජාතියත් එක්සත් බවත් අලුත් හැරවුමක් සනිටුවහන් කරන නව විප්ලවීය උදාවකි.

එය හෙට දිනයේ හිරු නැගෙනවා සේ ජයග්‍රහණය ස්ථීරය.

No comments:

Post a Comment

Previous News

AKD Theme song