Pages

Sunday, November 26, 2023

මැතිවරණ අභියෝගය බාර නොගෙන ජනමනස වෙනස් කිරීමට කුමන්ත්‍රණ කරන ලොන්තපොල් පාලකයෝ


 

පැහැදිලිව මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ ජනතාවාදී පාලනයක් නොවේ. හොරු, මංකොල්ලකරුවන් පිරිසක් විසින් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ඔවුන්ට තර්ජනය කරමින් ඔවුන් සතු දේ ටිකෙන් ටික කඩා ගනිමින් මංපහරන්නන් සේ සිය ජීවත්වීම වෙනුවෙන් සිදු කරන උප්පරවැට්ටියකි. එය මනාව පැහැදිලිවන හොදම ස්ථානය වර්තමාන පාර්ලිමේන්තුවයි.

මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත අසාර්ථක පාලකයින් ද ඔවුන්ගේ පන්තිය නියෝජනය කරන්නන් සහ ඔවුන්ගේ බත්බැලයින් විසින් සිදුකරන තර්ජන සහ ක්‍රියාකාරකම්වලින් පෙනෙන්නේ ඔවුන්ද අවසන් මොහොතේ මරාගෙන මැරෙන්නට වුවද සුදානම් බවයි.

අනෙක් අතට ඔවුනොවුන් කාකොටා ගනිමින් එකිනෙකා වාග් ප්‍රහාර මෙන්ම ගුටිබැට පවා හුවමාරු කර ගැනීම  රගපෑමක් ලෙස මේ මොහොතේ පෙනෙන්නට තිබේ.එය විටෙක නාඩගමක ස්වරූපයක් ගනී.තවත් විටෙක ජනතාව වෙනුවෙන් කරනු ලබන විජ්ජාවක් බව වෙනත් කෝණයකින් සිට බලන අයෙකුට පෙනේ.

කෙසේ හෝ වේවා රට තුළ මේවන විට ජනතාව විශාල වශයෙන් අර්ථික පරිහානියකට පත්ව තිබේ.එය මතු පිටින් පෙනෙනවාට වඩා විශාල කඩා වැටීමක් බව අභ්‍යන්තරික සොයා බැලීම්වලින් අනාවරණය වන්නේය.

මූලික වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් හිග වෙමින් පවතින අතර ව්‍යාපාර කඩා වැටීම රැකියා අහිමිවීම පුද්ගල අසහනකාරී බව ඉහළ යැමේ ප්‍රවණතාවක් ද පවතී.

තවද ව්‍යාපාර පවත්වාගෙන යාම අසීරුවීම තුළ ඒවා වසා දමමින් තිබේ.එය අභ්‍යන්තරික නාය යෑමකි.

එය ගෝඨාභය ආණ්ඩු සමයේ තෙල් හිග වී ජනතාව පාරට බැස උද්ඝෝෂණය කිරිම වැන්නක් සේ මතු පිටට ඉස්මතු නොවන්නේය.

මන්ද යත් එදා එම උද්ඝෝෂණ වලට සහය දුන් පාර්ෂව වෙත වර්තමානයේ ඇති වෙමින් පවතින පීඩනය නොදැනෙන්නේය.ඒ සදහා වර්තමාන පාලකයා ඔවුන්ව ආරක්ෂා කිරීම සහ ඔවුන්ව සතුටු කිරීමේ ක්‍රමවේදය හොදින් සිදු කරයි.

එමෙන්ම ඔවුන් හරහාම මැද පන්තියේ සහ පහළ පන්තියේ නැගිටීම මර්ධනය කිරීම සදහා සැලසුම් සකස් කරමින් තිබෙන්නේය.

මේ සදහා ඔවුන්ට අවශ්‍ය සහචරයින් ලෙස පහල පන්තියේ පුද්ගලයින් තමන්ට නම්වා ගැනීම සදහා අභ්‍යන්තරික වැඩ පිළිවෙළක් මේ වන විට සකස් කරමින් තිබේ.ඒ හරහා ඔවුන් තම බලය රදවා ගැනීමට උත්සාහ කරයි.

ඒ සදහා මුදල් යෙදවීමටත් එම මුදල් යොදවා කුලී සුනඛයින් පිරිසක් ලවා ජනතාව වෙත කඩා පැන බිය ගැන්වීමටත් සැලසුම් සකස් වෙමින් පවතී.

 එමගින්  ජන මනස අවුල් කර මැතිවරණ ක්‍රියාවලිය වෙත  ජනතාව කේන්ද්‍රගතවිම වැළැක්වීම මේ අයගේ ප්‍රධාන අරමුණ වන්නේය. එමගින් සමාජයේ ප්‍රචණ්ඩ සහ විසිරුණු මානසික ව්‍යාකූලත්වයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුන වී ඇත්තේය.

මේවා කිසිසේත්ම සාමාන්‍ය ජනයාට හෝ පොදු මහ ජනතාව මෙන්ම ග්‍රාමීය මට්ටමේ අහිංසක මිනිසුන්ට නොතේරෙන්නේය.

එහෙත් ඔවුන්ගේ මනස සියුම් ලෙස වෙනස් කිරීම වෙනුවෙන් දියත් කිරීමට නියමිත මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සදහා පහළම රාජ්‍ය නිලධාරීන් ද යොදා ගැනීමට සැලසුම් කරන්නේය.

ගිලිහෙමින් පවතින බලය කිසියම් ආකාරයකට මැතිවරණ මගින් ඔවුන් වෙතින් ගිලිහී ගියහොත් ඇතිවන තත්වය සහ ඉන් පසු ඔවුන් නියෝජනය කරන්නන් හට ඇතිවන ජීවිත අවධානම මේවන විට මේ අය හොදින් තේරුම් ගෙන තිබේ.

ඒ හරහා මොවුන් බොහෝ විට අවසන් මොහොතේ පාර්ලිමේන්තුව හරහා ඔලු ගෙඩිවලින් සෙල්ලමක් සිදු  කිරීමට ද  නියමිතය.

අවසන් වශයෙන් ඉන් පසු ඇතිවන ජන නැගීටීම මර්ධනය කර පසුව එය දඩමීමා කර ගෙන  මැතිවරණ කල් දමා පාර්ලිමේන්තු කාලය හෝ ජනාධිපති රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කරගනිමින් ඉදිරියට ගමන් කිරීමේ මාවතක් සොයා ගැනීම වෙනුවෙන් මේ අය මේවන විට පිඹුරු පත් සකසමින් සිටිති.

එහෙයින් පවතින තත්වය හමුවේ දිවි පරදුවට තබා හෝ අවසන් තප්පරය දක්වා ප්‍රභූ පාලක පන්තිය වෙත අප විසින් සිදු කරන පීඩනය විශාල ජන රැල්ලක් හරහා ද ඔවුන් සතු පරමාධිපත්‍යයේ බලය අභිබවා යා නොහැකි ලෙස මිලිටරිය ද පාලනය  කළ හැකි සූක්ෂම වැඩ පිළිවළක් මේ ක්‍රියාවලියට සමගාමීව දියත් කළ යුතුය.ඒ සදහා පවතින කෙටි කාලය තුළ අප ශක්තිමත්ව එකිනෙකා පෙළ ගැස්සවීම සහ නිශ්චිත අවස්ථාවේ දී නිවරදි ඉලක්ක වෙත ගමන් කරවීම වෙනුවෙන් නොබියව ස්ථානගත විය යුතුව ඇත්තේය.


වෙදහූටියා

No comments:

Post a Comment