Pages

Monday, November 13, 2023

අයවැය පරාද කර මහාමැතිවරණයකට යාමේ වැඩි වාසි කාටද ?


මේ වන විට 2024 සදහා වූ අයවැය පර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුප්‍රප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින්ය.මෙම අයවැය හුදු ඉලක්කම් විජ්ජාවක්  මිස එය සැබැවින්ම මහපොලොවේ යාතාර්ථයක් නොවේ.එය කිසියම්  අවබෝදයක් ඇති මේ රටේ ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට  හැගෙනු ඇත. 

අනෙක් අතට අයවැය සම්බන්ධයෙන් පොහොට්ටුවේ  අනාගතය පිලිබද ඉදිරි සැලසුම් සකස් කරන ප්‍රබල චරිතයක් වන නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ඔහු පවසන  ආකාරයට මේ පහුගිය අවුරුද්දේ ඉදිරිපත්කල අයවැයම මිස ඉන් එහාට ගිය දෙයක් නැත, යන්න සදහන් කර ඇත .එම කියමනේ කිසියම් ගතයුත්තක් ඇත. එනම් පහුගිය අවුරුද්දේදීත් රටට වැඩක් නොවුනත්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගියවර අත් එසවූ බවයි . අනෙක් අතට රනිල් වික්‍රමසිංහ සිටින්නේද තම පිරිසේ දෑත මත යන්න ද සනාථ වේ.

රට බංකොලොත් වී ඇති මොහොතක ගෙනෙන අයවැයකින් ජනතාවට සහන සැලසිය හැක්කේ  කෙසේද? මේ අයවැයෙන්ම රාජ්‍ය ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350ක් දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබෙනවා. 

එමෙන්ම රජයේ සේවකයින්ට රු 10000 වැඩිකරනවා යැයි පවසන අතර එය ජනවාරි සිට ක්‍රියාත්මක වන බව පැවැසුවත්, එය සිදුවන්නේ 2024 අප්‍රේල් මස සිට යැයි එහිම සදහන් වෙයි. ජනවාරි සිට මාර්තු දක්වා ගෙවීම, එළබෙන ඔක්තොම්බර් වල සිට ගෙවන බව පවසයි. මෙය තනිකරම චන්දය වෙනුවෙන් තම වාසියට මිනිසුන් රැවැටීමේ උපායක් බව බැලු බැල්මටම පෙනෙන්නට තිබේ. මේ කාරනා හැරුනාම පැය දෙකේ ඇයවැය ලේඛණයේ වෙනත් කිසිදු ගත යුත්තක් නැත.

කෙසේ හෝ වේවා පොහොට්ටුවේ අනාගතය සහ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්  පාර්ලිමේන්තුවේ කිසිදු බලයක්  නොමැති රනිල්ගේ අයවැය දෙවන වරටත් සම්මත වුවහොත් එම පාපයට කර ගැසීමට සිදුවන්නේ පොාහාට්ටුවේ මන්තීවරුන්ටම බව සක් සුදත් සේ පැහැදිලිය.

 තව වසරක් මන්තීධූරයේ  සිට තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ගෙදර යා හැක. බොහෝ විට මෙය සිදුවිය හැක. අනෙක් අතට නොකෙරෙන  වෙදකමට කොදුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඕනැ කිව්වා සේ  රනිල්ට  ඕනෑ දෙයක් කිව හැක. ඒ වගේම රජයේ සේවකයින්ට ද රු 10000 නොවෙයි 20000 වුවද දිය හැක. රනිල් ගෙදරින් ගේන මුදල්  නොවේ. ඔහුට අවශය වන්නේ තාවකාලිකව  තමන් ජොලියේ රජ සැප විදින ටික කාලයේ කරදරයක් නොවී පොඩි වෙට්ටුවක් දමා කල් මැරිමට ය. එය ඔහුගේ ජානමය පුරුද්දෙන් ආව දෙයකි. 

තත්වය මේ වුවත්  මේ තීරණාත්මක මොහොතේ පොහොට්ටුව සිටින තැනින් දශමයක් හෝ උඩට ඒමටත්, ඔවුන් කල වැරදි කමා කර ගැණීමටත් අවස්ථාවක් පවතී.

 එය නම් අයවැය පරාද කර මහා මැතිවරණයකට යාමට පාර සකසා ගැණීමයි . මේවන විට පොහොට්ටුවේ නායකයෝ කියන විදිහට රනිල් ගෙනාවේ ඒ වන විට අරගලය හරහා රට අරාජීක වීම වැලක්වීම නම්, මේ මොහොතේ  රනිලගෙන් රට බේරා ගැනීම සදහාද  අවස්ථාව ඇත්තේ  පොහොට්ටුවටමය. මේ කියමන්  වල සත්‍ය අසත්‍යතාවය අපට වැඩක් නැත.

 එහෙත් එදා මෙන්ම අදද තමන්ගේ පැවැත්මට ක්‍රියාකර ඇති ඔවුන් මේ මොහොතේ  අයවැය පරාද කර මහා මැතිවරණයකට යැම තමන්ට සුභදායක වන බව සිතනවා නොවනුමානය.

 මන්ද අයවැය ජයග්‍රහණය කර IMF එකේ දෙවන වාරිකයද නොමැතිව ඉදිරි මාස 9 තුල රට ඉදිරියට යාම අතිශයින්ම දුෂ්කර වන අතර රටේ ඇතිවන ජන අප්‍රසාදය තවත් වැඩි වී  පොහොට්ටුව කම්බස් වී යාමට නියමිතය.

 එමෙන්ම ඒ  හරහා රනිල් කරන්නා වූ කිසියම් තාවකාලික විජ්ජාවන් නිසා ඔහු ඔහුගේ පැවැත්ම තහවුරු කර ගැනීමට ඉඩ  තිබේ. එමගින්  පො‍හොට්ටුවට කිසිදු වාසියක් ඇති වන්නේ නැත. එහෙත් අයවැය පරාද කර මහා මැතිවරණයකට යාමට පාර සැකසුවොත් ජනාතාව ඉදියේ පොහොට්ටුවේ අයට කීමට දෙයක් ඇත.

 අනෙක් අතට මේවන විට දරුණු ලෙස නයා යමින් පොහොට්ටු පාක්සිකයෝ ජාතික ජන බලවේග වෙත ඇතී යාමද  කිසියම් හෝ ප්‍රමාණයකින් අඩුකර ගැණීමට හැකි වනු ඇත.

එසේ මහා මැතිවරණයකට යාමෙන් අඩුම ගානේ පොහොට්ටුවට මන්ත්‍රි ආසන 50 සීමාවේ හෝ නතර වීමට හැකිවනු ඇත. එසේ නොවුවහොත් ඉදිරි කාලයේ එම චන්ද සජිත් රනිල්  එකතුවටත් අනුර වටාත් එකතු වී අවසානේ  පොහෝට්ටුවට මෙන්ම මහින්දට ගෞරවාන්විත මරණයක් හෝ අත් කර ගැණීමට  ඇති හැකියාව නැති වන්නේය.

 මේ කාරනා සියල්ල සලකා බැලු විට  මෙම අයවැය පරාද කර මහා මැතිවරණයකට යාමේ වැඩිම වැසි ඇත්තේ පොහෝට්ටුවට බව පෙන්වා දිය යුතුය.  එසේ නොවී මේ අය තව දුරටත් රනිල්ගේ යටත් වැසියන් වී සිටින්නට උත්සහ කරන්නේ නම්, එය රනිල්ගේ වාසනාවට කැරකෙන තවක් බෝනස් එකක් මිස අන් කිසිවක් නොවන්නේය.

චමින්ද ප්‍රීති කුමාර
 

No comments:

Post a Comment