Pages

Sunday, February 26, 2012

නිර්මාණශීලී නිර්මාණ (Creative Creation)


  නිර්මාණශීලී නිර්මාණ(Creative Creation)
ආයිමත් මතක් වුනා.මගේ අලුත් නිර්මාණයත් එක්ක පැරණි මතකය. බොහෝම නිර්මාණශීලී යුගයක්.මා ද එහි අවසන් යුගයේ අයෙක් යැයි සිතේ .කෙසේ වුවත් මා නුතන යුගයට පරිවර්ථනය වූයෙකි.
මෙය මා දැනට නිර්මාණය කර අවසන් නව නිර්මාණශීලී නිර්මාණයකි.ඔබ ඉතා බුද්ධිමත් සිතන්නෙක් නම් මේවා හී යටි පෙල අරුත් හොදින් වැටහේවි.කියවා රස විදින්න .හැකිනම් ඔබේ අදහස් ද එකතු කරන්න.
කර්තෘ-  අභිසංඛ
මෙහි අඩංගු සියල්ල නව නිර්මාණ යැයි හෝ එසේ නොමැති නම් වෙනයම් කිසිවක් යැයි හැගේ නම් කියවා බලන්න.ඉන්පසු සිතන්න.කිසියම් වූ හරයක් අර්ථයක් නොමැති යැයි හැගේ නම් නොකියවා සිටින්න.එය ඔබට බෙහෙවින් වැදගත් වන්නේය.මන්දයත්,ගමනේ දුර යාහැකි බැව් සිතින් දකින්නෝ ,එ ගමන අවසන් කරන්නේය.සෙස්සෝ නොගොස් ගෙදර සිටින්නේය.යන අයට පමණක් මෙය මාර්ග සිතියමක් වන්නේය .නොයන අයට නොතේරෙන සංකේත අකුරු පමනක් වන්නේය.ඔබ සිතේ ශක්ති ප්‍රමාණයෙන් සිතන්න.පුදුම හිතෙන දේවල් දැනේවි.එය විටෙක වින්දනයකින් සීමා නොවන්නේය.විවිධ හැගීම් මාත්‍ර ඔස්සේ ගලා යනු ඇත.එය රසය යැයි විටෙක සිතෙනු ඇත.එ පමණක් නොවේ, ජීවිත රසය, සහ ජීවිතය විදීම දෙකක්, එමෙන්ම නිර්මාණ රසය සහ නිර්මාණය විදීම දෙකක් මේ දෙක එක විට නොකර වරින් වර මාරු කරමින් අත්හදා බැලීමක් කරන්න.කිසි විටෙක නොදැනුනු දැනීමක් ඔබට දැනේවී.එ මොහොතේ පටන් ඔබ මගේ සහෘර්ධයෙක් වී ඇති බැව් මට සිතේ.එතෙක් ඔබ මගේ පාඨකයෙක් පමණී.මේ නිර්මාණ කරුවාට පාඨකයින්ට වඩා වටිනාකමින් ඉහල වන්නේ මගේ හර්ධයාංගම සහෘර්ධයායි.එසේ වුවත් පාඨක ඔබ මා කිසිවිටෙක හැරයන්නේ නැත. ප්‍රමාණවත් යැයි සිතේ.
කතු සිත
වරෙක මා පිරිවර සමග යෙහෙන් වැජබුණේය.ලොකිකත්වයෙන් ඉහමෙල රිදවාගත්තේය.එය පුදුම හිතෙන වින්දනයක් සේ දැනුනේය.එපා වුයේ නැත.වැරදි ලෙසින්ම භාවිතා කල හෙයින් කවරෙකු හෝ මා හට දඩුවම් කලේය.කුමක් සිදුවූයේද යන්න සොයාබලා තිරණය කිරීමට තරම් තවම කාලය ප්‍රමාණවත් නැත.මේ මොහොතේ විශ්‍රම සුවයෙන් සිටින විධායකයක් බදුය.සුන්දරත්වයෙන් පිරි අතීතයම වර්ථමාණයේ මා ජීවත් කරවයි.එහෙත් සැබැවින්ම විශ්‍රම යාමට තරම් මහලු වයසක් හෝ අවස්ථාව අවසන් වී අවලංගු භාවයක් ද මෙහි නොවන්නේය. නොදනිමි කිසිවක්, එහෙයින්ම ඒ සුවය විදිමින් කල්ගෙවමි.
පිදුම
ඊයේ ඉපදුණු නැති සිතකට
 රාජකාරිය 
 දේවකාරියට ඉහලින් සිටීමට
 කැමති වූ
 රාජකාරිය
 දේවකාරිය නොතකා
 රාජකාරි කළේය
 එහෙයින්ම
දේවියෝ දේවකාරිය රාජකාරිය කළේය. 

Previous News

AKD Theme song