Pages

Sunday, February 26, 2012

නිර්මාණශීලී නිර්මාණ (Creative Creation)


  නිර්මාණශීලී නිර්මාණ(Creative Creation)
ආයිමත් මතක් වුනා.මගේ අලුත් නිර්මාණයත් එක්ක පැරණි මතකය. බොහෝම නිර්මාණශීලී යුගයක්.මා ද එහි අවසන් යුගයේ අයෙක් යැයි සිතේ .කෙසේ වුවත් මා නුතන යුගයට පරිවර්ථනය වූයෙකි.
මෙය මා දැනට නිර්මාණය කර අවසන් නව නිර්මාණශීලී නිර්මාණයකි.ඔබ ඉතා බුද්ධිමත් සිතන්නෙක් නම් මේවා හී යටි පෙල අරුත් හොදින් වැටහේවි.කියවා රස විදින්න .හැකිනම් ඔබේ අදහස් ද එකතු කරන්න.
කර්තෘ-  අභිසංඛ
මෙහි අඩංගු සියල්ල නව නිර්මාණ යැයි හෝ එසේ නොමැති නම් වෙනයම් කිසිවක් යැයි හැගේ නම් කියවා බලන්න.ඉන්පසු සිතන්න.කිසියම් වූ හරයක් අර්ථයක් නොමැති යැයි හැගේ නම් නොකියවා සිටින්න.එය ඔබට බෙහෙවින් වැදගත් වන්නේය.මන්දයත්,ගමනේ දුර යාහැකි බැව් සිතින් දකින්නෝ ,එ ගමන අවසන් කරන්නේය.සෙස්සෝ නොගොස් ගෙදර සිටින්නේය.යන අයට පමණක් මෙය මාර්ග සිතියමක් වන්නේය .නොයන අයට නොතේරෙන සංකේත අකුරු පමනක් වන්නේය.ඔබ සිතේ ශක්ති ප්‍රමාණයෙන් සිතන්න.පුදුම හිතෙන දේවල් දැනේවි.එය විටෙක වින්දනයකින් සීමා නොවන්නේය.විවිධ හැගීම් මාත්‍ර ඔස්සේ ගලා යනු ඇත.එය රසය යැයි විටෙක සිතෙනු ඇත.එ පමණක් නොවේ, ජීවිත රසය, සහ ජීවිතය විදීම දෙකක්, එමෙන්ම නිර්මාණ රසය සහ නිර්මාණය විදීම දෙකක් මේ දෙක එක විට නොකර වරින් වර මාරු කරමින් අත්හදා බැලීමක් කරන්න.කිසි විටෙක නොදැනුනු දැනීමක් ඔබට දැනේවී.එ මොහොතේ පටන් ඔබ මගේ සහෘර්ධයෙක් වී ඇති බැව් මට සිතේ.එතෙක් ඔබ මගේ පාඨකයෙක් පමණී.මේ නිර්මාණ කරුවාට පාඨකයින්ට වඩා වටිනාකමින් ඉහල වන්නේ මගේ හර්ධයාංගම සහෘර්ධයායි.එසේ වුවත් පාඨක ඔබ මා කිසිවිටෙක හැරයන්නේ නැත. ප්‍රමාණවත් යැයි සිතේ.
කතු සිත
වරෙක මා පිරිවර සමග යෙහෙන් වැජබුණේය.ලොකිකත්වයෙන් ඉහමෙල රිදවාගත්තේය.එය පුදුම හිතෙන වින්දනයක් සේ දැනුනේය.එපා වුයේ නැත.වැරදි ලෙසින්ම භාවිතා කල හෙයින් කවරෙකු හෝ මා හට දඩුවම් කලේය.කුමක් සිදුවූයේද යන්න සොයාබලා තිරණය කිරීමට තරම් තවම කාලය ප්‍රමාණවත් නැත.මේ මොහොතේ විශ්‍රම සුවයෙන් සිටින විධායකයක් බදුය.සුන්දරත්වයෙන් පිරි අතීතයම වර්ථමාණයේ මා ජීවත් කරවයි.එහෙත් සැබැවින්ම විශ්‍රම යාමට තරම් මහලු වයසක් හෝ අවස්ථාව අවසන් වී අවලංගු භාවයක් ද මෙහි නොවන්නේය. නොදනිමි කිසිවක්, එහෙයින්ම ඒ සුවය විදිමින් කල්ගෙවමි.
පිදුම
ඊයේ ඉපදුණු නැති සිතකට
 රාජකාරිය 
 දේවකාරියට ඉහලින් සිටීමට
 කැමති වූ
 රාජකාරිය
 දේවකාරිය නොතකා
 රාජකාරි කළේය
 එහෙයින්ම
දේවියෝ දේවකාරිය රාජකාරිය කළේය. 

හදවත
 හදවත හඩා වැටුණු 
 කිසිදු වාර ගනනකට 
 කදුලු නොවැටුණේය
  එහෙත්
දැසින් කදුලු කඩා වැටුණේ
 හදවත නොහඩාමය. 
සතුට     
 සතුට වැඩි එක් මිනිසෙක්                               
අනන්තයට යන පාර සෙව්වේය
ඔහු
අනන්තයට ගොස් අපසු
 පැමිණියේ ය
 සතුට දෝරේ ගලා ගිය බැව්
  පෙනෙන්නට තිබුණේය.
දියුණු මිනිස්සු
 දියුණු රටවල මිනිස්සු
 තමන්ගේ ශ්‍රමය  
 මිල කර විකුණයි
 පුවතක්
 නොදියුණු රටවල මිනිසුන්ගේ
ශ්‍රමය 
 මිලක් නොමැතිව  මිලදී ගනී
 පුවතක්
රාග ස්ත්‍රිය
 රාගයෙන් මුසපත් වූ ස්ත්‍රිය
ස්වාමියා සපා කැවේය.
තුවාල සහිත ස්වාමියා
ස්ත්‍රිය බදා වැළදගෙන
 හඩා වැටුණේය.

වෙදමහතා
සුවකල නොහැකි රෝගයක්
සුවකල වෙදමහතාට
රෝගියා සැනසුම් සිතින්
ස්තුති කළේය.
එහෙත්
වෙදමහතා කතා නොකළේය
මියගිය රෝගීන් ඔහුගේ
මුඛය වැසුවේය.
ලේඛකයා
ලේඛකයා පොත් ලියා
සතුටුවන්නේය
මියගිය ලේඛකයා සොයා
දන්දෙන ප්‍රකාශකයා
සතුටුවන්නේය.
වරදට සමාව
වරදට සමාව ඉල්ලන
දියනියගේ දෙමව්පියෝ
පුතු ගෙනා බිරිදගේ පතිවත සොයන්නේය.
දළදා වහන්සේ
පෙරහැරේ ගමන් කරන දළදා වහන්සේ
දුටු බුදුන් වහන්සේ
මුඛය අතගා සිනාසුනේ ය. 
ළමාතැනී
ඇතිහැකි ළමාතැනී මෙහෙකාරියට
පුරුෂයා පවා දෙන්නේය
කිසිවක් නොකියූ ස්වාමියා
රියදුරාට වැටුප් වැඩි කලේය.
සාමනේර භික්ෂුව
භාවනායෝගී භික්ෂුව 
දුකින් මිදීමට ගන්නා උත්සහය දැක
සාමනේර භික්ෂුව 
බුදුන්ට දොස් කියන්නේ ය.
නවීන මීහරකා
තාක්ෂණය ඉගෙන ගත්
මී හරකුන්
ගොවිතැන පිලිබද
ගොවියාට උපදෙස් දෙයි.
කාශප රජු
කාශප රජු නැවත
අභිශේක ලබා
සීගිරියේ රජ වන්නේය
එහෙත්
පරණවිතානට යුවරජකම
නොදෙන්නේය.
මහාවංශය
දුටු ගැමුණු මාමිහිදු ඉතිහාසයට එක්විය
එහෙත්
මහාවංශය ලියූ භික්ෂුව
සිවූරු හැර ගියේය.
දසමහ යෝදයෝ
දසමහ යෝදයෝ
නම් වෙනස් කළේය
කාය ශක්තිය
විපරිත වී ගියේය.
නොමේරු නා ගස
නා ගස මලින් බර වූයේ ය
එහෙත්
පඵ හට ගැණීම ප්‍රමාද වුයේය
නොමේරු නා ගස
වද වී ගියේය.
පැතුම් පොදි
මිනිසුන් පැතුම් පොදිබැද
ගගට විසිකළේය
එහෙත්
මාලුන්ට එවායින් කිසිදු
ප්‍රෙයෝජනයක් වූයේ නැත.
ගල් වඩුවා
පර්වතය කැටයම් කල
ගල්වඩුවා
පර්වතයට උසුලු විසුලු කළේය
දැඩි වර්ෂාවකින් පසුව
එය ගිලා බැස ගියේය.
මලහිරු
මලහිරු බැසගිය සැන්දැව
හිරු දැනගත් කල්හි
සෝකාකුල වූයේය
එහෙත්
සමුගැණීමට මොහොතකට පෙර
ලේඛකයා හමුවිය.
කුහුබුපැටියා
පනාපුත්‍රකුහුබු පැටියාගේ ආරාධනයෙන්
විජය ලංකාවට පැමිණීයේය
මිහිදුගේ ඥාතීත්වයද  ගෙන ආවේය
එහෙත්
කුවේනියට අනුකම්පා කල
බුදුන්
විජය යලි කැදවූයේය.
බල්ලෝ
බල්ලෝ බුරන විට
ගෙහිමියෝ අවදි වූයේ නැත
හොරු ගෙතුලට කඩාවැදී
සොරකම් කළේ ද නැත.
හනුමන්තා
සීතා රාවනාට පෙම් කළේය
හනුමා ඉර්ශීයාවෙන් පෙලුනේය
එහෙයින්ම 
වදුරෝ තවමත්
වැදිරියට නිරුවත පෙන්වමින්
ගස් නගින්නේ
වැදිරිය සීතා යැයි සිතාය.
බක පණඩිතයෝ
සහතිකලත් බක පණ්ඩිත
මහ ඇදුරෝ
සොක්‍රටීස් වන්දනා කරයි
අයින්ස්ටයින් සොක්‍රටීස්ගේ
හැම්ලොක් යුෂ බී
මියයයි.
ක්ෂරසාගරය
සංසාරය ක්ෂර සාගරයේ
ගිලෙන්න මොහොතකට පෙර
විදයඥයෝ 
මහාමේරු පර්වතය
අගහරු ලෝකයට රැගෙන යයි.
ජොතිෂය
කිසිවකුට නොදන්වා සූර්යා
මිනිසුන් මීන රාශීයෙන් මේෂ රාශීයට
රැගෙන යයි
ජොතිෂය නෙත් අයාන බලා සිටී.
රදළ විවාහය
පවාදුන් රළද සමකුල විවාහය
අරක්කු රේන්දයට
භොතිස්ම කළේය
එහෙයින්ම
නූගත් ගෙවිරාල
කසිප්පු බී මළේ ය.
සයුරේ හාදු
වෙරළට කරදරයක් වූ
සයුරේ හාදු
වෙරළ ප්‍රතික්ෂේප කළේය
වෙරළ සිපගත් රළ
යලි නො ආවේය
අසහනයට පත් සයුර
දියේ ගිලී මිය ගියේය.
මෝඩයාගේ නුවන
මෝඩයා තම නුවන පිරික්සීමට
උපායක් සිතුවේය
එ නුවන මෝඩයකු කල හැකි
උපායයි
උපාය නුවන මෝඩයකු 
කළේය.
තනකිරි
වැරදීමකින්
එළදෙනට අම්මා කී
දරුවාට
පහර දුන් මව
තම තනයේ කිරි
වසුපැටියාට පෙව්වේය.
පූසාරිගේ කන්නලව්ව
පූසාරියාගේ දේව කන්නලව්ව
දෙවියන්ට කරදරයක්ම විය
එහෙත්
දෙවියෝ 
පුජාවට්ටිය ඉල්ලා සිටියේය.
බහිරවයා
නිදන් හොරුන් දුන් අල්ලස
එපා කී
බහිරවයා
නිදානය නිදන්ගත කළේය.
රුප පෙට්ටිය
මුලුතැන්ගෙට ගොඩ වැදුණු
රුප පෙට්ටිය
දුම් මැස්සේ
මකුලු දැල් කඩන්නේය.
දියනියගේ පුරුෂයා
මව දියනියගේ පුරුෂයාට
අපහාස කළේය
දියනිය මවට 
ප්‍රශංසා කළේය.
වේගරිද්ම සංගීතය
වේග රිද්ම සංගීතය ප්‍රගුණ
කල සිසුවා
සර්පිනාවක් රැගෙන
ගෙදර ආවේය.
මිරිසවැටිය
මිරිසවැටිය චෛත්‍ය දෙස
පුදුමයෙන් බලාසිටී
සංචාරකයකු දුටු
කායවර්ධකයකු
ඔහුට පෙනෙන්නම
ගඩොල් කැට පහකට අතින්
ගසා කුඩු කළේය.
ස්ව්‍යංපෝෂිත බව
රට සහලින් ස්ව්‍යංපෝෂිත විය
එහෙත්
පරිප්පු මිල ඉහල ගියේය
මිනිස්න් මයිසූර්ප්‍රන්තයේ
රැකියා වලට ඉල්ලුම් කළේය.
දඩබ්බර කොලුවා
දඩබ්බර කොලුවා
මවට නිරුවත පෙන්නුවේය
එය දුටු පියා
ඔහුට තරවටු නොකළේ ය.
බුදු පිළිමය
මහපාරේ ඉදිකර ඇති
බුදු පිළිම දුටු
බුදුන් වහන්සේ
මදක් ඒ දෙස විපරම් කළේ
ඇත්තටම
තමාම ද කියාය.
ආරක්ෂක දෙසුම
දේශපාලකයාගේ උපහාර උළෙල
වර්ජනය කල
ලේඛකයා
ඔහුගේ ආරක්ෂකයින්ට දෙසුමක් පවත්වා
නික්ම ගියේය.
පදක්කම්
ඔලිම්පික් පදක්කම සාහිත්‍ය කරුවාට හිමි විය
ක්‍රිඩකයාට නොබේල් ත්‍යාගය හිමි විය
ඔහුන් සතුටු වූ නමුත්
පදක්කම් මාරු කර 
නොගත්තේය.
මමත්වය
ආදරය, ප්‍රේමය, සෙනෙහස
පයට පෑගී යන්නේ
රාගය මමත්වය ලිස්සා ගිය 
මොහොතකට පෙරය.
නිවහන
වනාන්තරය තම නිවහන යැයි
සිතන්නා වූ සතුන්
නිදාගන්නේය
නිවහන වනාන්තරය කරගත්
මිනිසුන්
නැගිට යන්නේය.
යහන
යහන මත සිට
කරන රැගුමන්
මතු යහනට ඇරයුමකි
එහෙත්
නිවනට ගැරහුමකි.
සෝකය
සෝක වූ සිත
බෙරි වූ ලුණු බිකකි
ඉවත ලන කෙල පිඩ
මුඛයට සැනසුමකි.
පිය පුතු
පුතා විටෙක තාත්තාගේ පුතාය
පියා පුතාගේ තාත්තාගේ පියාය
පුතා පියා හැරපියා ගිය කල් හී
පාපිෂ්ඨ වන්නේය.
 එස් එම් එස් ආදරය
එස් එම් එස් ආදරය
දුරකතනය විසන්ධි කළේය
ප්‍රේමය 
අන්තර්ජාලයේ සැරිසරන්නේය.
නාරිලතා
නළගන නළලින් නාරිලතා පා
නා රැගුම් රගන්නේය
දේහ නාරින් ඒ උනුසුමින්
දෙව්ලොව වඩින්නේය.
 කුස ගින්න 
කුස කුසීන වූ විට 
කුසගින්න
කුස තුලම
මියයන්නේය.
 පාපය
පා පහර පා ඉන්නට ඉහලින්
පාදයේ ගැටෙන්නේය
එහෙත්
පාමුල පාපය
ඔබටම පහර දෙන්නේය.
සමාජය
සමාජයේ වුන් කියනුයේ
සමාජය අපේ කියාය
එහෙත් 
සමාජය කියනුයේ
මගේ කිසිවක් නොමැත
කියාය.
වන්දනාව
වන්දනාව හොද දෙයකි
වන්දනා කරන්නෝ
වන්දනා යෙදෙනවා මිස
වන්දනා කරන්නෝ නොවේ.
මිනිසා
බහුවිධි මිනිසුන්
බහුල වූ විට 
බාහුවෙන් මැනිය
නොහැකි වන්නේය.
කාලය
කාලය කා දැමීමය හැකිනම්
මිනිසුන් හාමතේ
මිය නොයනු ඇත.
දූෂ්ඨත්වය
දූෂ්ඨත්වය දූෂ්ඨයින්ට හොද දෙයකි
එහෙත්
මනුෂයින් යැයි සිතන්නෝ
දූෂ්ඨත්වයෙන් හැසිරෙද්දී
දූෂ්ඨයින් දූෂ්ඨත්වයෙන් අසරණවන්නේය.
මුඛය සහ සාක්කුව
සාක්කුවෙන් එළියටගත් දේ
නැවත සාක්කුවට දැමිය 
හැකි වුවත්
මුඛයෙන් එළියට දැමූ දේ
නැවත මුඛයට දැමිය නොහැක්කේය.
අලස සිංහයා
සිංහයා අලසයකු යැයි
බැන වදින සිංහ දේනුව
සිංහයා සපා කැවේය
එහෙයින්
සිංහයා අලසයකුම වූයේය.
කෙවිටේ බර 
බැරි බර කෙවිටෙන්
කර උඩ තබා යන්නෝ
මැත්කල කෙවිටෙන්
බර මනින්නේය.
අවකාශය
කල කී දේවල්
මතකයෙන් ඉවත් වුවත්
අවකාශයේ සුළග විත්
කනට කොදුරන්නේය.
පෙම්වතිය සහ බිරිද
පෙම්වතිය බිරිද වීම
පහනට තෙල්ය.
බිරිද මවක වීම
පහන් ආලෝකයම
වන්නේය.
මරණය
මා මියගිය පසු
ආදරණීය පෙම්වතිය
මල්රීත්තයකින් සෝකවන්නේය
එවිට මගේ බිරිද 
ඇය සනසන්නේ
ඇගේ දෑතම සිපගනිමින්ය.
පෙම්වතිය
මගේ පෙම්වතිය ඔබට කියනුයේ
ප්‍රේමයෙන් සැනසුම නොලැබූ බවයි
රාගයෙන් උනුසුම් වන ඇය
ඔබට කියනුයේ
සැමියා මගහැරුණු බවයි.
සිනාසෙන ගංගාවෝ
වැසි වසිද්දී ජලකද
දෙගොඩතලා ගිය හෙයින්
ගංගාවෝ සිනාසුනේය
ඉවූරු කාදනය වී ගග වීශාල වන හෙයිනී
එහෙයින්ම
ඉවුරු අසල පදිංචි ගැමියෝ
ගගට ආශිර්වාද කළේය
කෙත්වතු සරු සාර වන හෙයිනි.
මකුණා 
එක මකුණෙකු  සපා කෑ
මිනිසා 
ඒ මකුණා මරා
සෙසු මකුණන්ට වෛර නොකරන්නේය
එහෙත් ඊලග මකුණා
ඔහුගේ හිතවතෙකු නොවන්නේය.
කිරි නොදුන් අම්මා
අම්මේ ඔබ බුදු වේවා
වදන් ඇසූ අම්මා
දෙතනේ කිරි නොදුන්
පුතාගෙන්
වරම් ගන්නේය.
සිටුතුමා සහ ජනාධිපති
අනේපිඩූ සිටුතුමා හමු වූ
ඇමරිකානු ජනාධිපති
බුදුන්ගේ සාසනේට දන්
පිළිගන්වන්නේ කෙසේ දැයි
විමසයි.
කසල ගොඩේ ජීවියා
කසල ගොඩක ඉපදුණු
ජීවියෙක්
කසල නොමැති ලොවක්
පිළිබද සිහින දකින්නේය
එහෙත්
කසල නොමැති කල.........
දෙවියා
දෙවියා වූ සැමියා
බිරිදට දේව ආරුඩයෙන්
බැන වදින්නේය
එහෙයින්ම
සෙසු දේවතාවියෝ
මනුෂ ලෝකයේ මිනිසුන්ට
බැල්ම හෙලන්නේය.
පනුවෝ
රන් ආකරයක සිර වූ
පනුවෝ
ඉවතට ඒමට උත්සහ කරනුයේ
ආහාරයට කිසිවක් 
නොමැති නිසාය.
අප්සරාවෝ
දිව්‍ය සැප විදින අප්පරාවෝ
රමණයේ යෙදෙන මිනිසුන්
දැක
දේව විමාණය තුල
නිරුවතින් හඩා වැටෙන්නේය.
සිත නැති කය
අතීතයට යන්න කැමති
සිත
කය රැගෙන නොයනුයේ
රහස් දැන ගනීවිදෝ
යැයි සැකයෙනි
එහෙත්
සිත නැති කය
තනිව ජීවත් වීමට පුල පුලා
බලා සිටී.
යාම
යන විට යනවා යැයි
හැගෙන්නේ
පසුකල දුර දැනෙන හෙයිනි
ආපසු පැමිණි කල 
ඒ දුර ගෙවා
නොගොස් ඇති බැව්
හැගෙන්නේ නැත.
සපත්තු කබල
සපත්තු කබල
පය  ඉල්ලා සිටියේ
යාමට නොහැකි වූ නිසාම නොවේ
දැනෙන රීදීම අඩුකර
ගැණීමටය.
විප්ලවවාදීන්
විප්ලවවාදීන්
විප්ලවයක් කරන්න
කුලල්කා ගනිද්දී
ප්‍රතිවිප්ලවවාදීන් ජයග්‍රහණයේ
ජයපැන් බොන්නේය.
පලා බෙදීම
නොයන කලට බෙදූ පලා
ආහාරයට නුසුදුසු යැයි
නිගමණය කෙරුණේ ය
එහෙයින්
පලා නොයන්නට සිත
නොදුන්නේය.
නොඉදුල් ප්‍රේමය
නොයිදුල් ප්‍රේමය
රෝපණය කල බීජයෙන්
අංකුර දා
වැඩෙන්නේ
පල හට ගැණීමට නොව
වර්ධනය වීමටය.
ජයපැන්
ජයග්‍රහණයේ ජයපැන් බොන
නායකයා
සහචරයින්ට දඩුවම් කරන්නේය
ජයග්‍රහණය අන්දමන් ද වී
සතුරාට එක් වන්නේය.
දුර්ජනයෝ
පවිටු සිත් ඇති දුර්ජනයෝ
දැහැමින් ජීවත් වන්නේය
එයින් දුක්වන
පරහිතකාමියෝ සසනේ කෙලෙසන්නේය.
ජනතාවාදී නායකයා
ජනතාවාදී නායකයා තම
 ගෙවත්තේ අලවගා කරන්නේය
ඔහුගේ සහචරයෝ
කුඹුර මඩ කරන්නේය.
තාගෝර්
තාගෝර් ලංකාවේ ඉපිද
කිසිදු නිර්මාණයක් නොකර
මියගියේය
එහෙත්
ඉන්දියාව ඔහුව
දේවත්වයෙන් පිදුවේය.
කුරුල්ලෝ
පලතුරු කන්න කැමති කුරුල්ලෝ
වගාව විනාශ කළේය
එහෙත්
වගාකල දඩයම්කරුවෝ
තරහ නොගත්තේය.
නයා
නයි නටවන්නාට දෂ්ඨ කල
නයා
හැපින්නියට කියන්නේ
ඔහු මියගිය බවයි.
බාලගිරි දෝසේ
බාලගිරි දෝසේ වැලදුණු ඇමති පුතු
පියාට දොස් නගන්නේ
ඇමතිකමේ අයිතිය 
තමාටද ඇති බව කියමින්ය
ඔහුත්
පලාත් සභා ඇමතිය.
සොදුරු ආඥාදායකයා
සොදුරු ආඥාදායකයා
ජනතා සේවයට කැප වුනේය
එහෙත්
ආඥාදායකයාගේ සොදුරු බව
බිරිද දැන නොසිටියාය.
අභය ධානය
දඩයම්කරුවෝ වන සතුන්ට
අභය ධනය දුන්නේය
සතුන්
මරණයට කැප වී
හීයෙන් ගෙළ සිද ගත්තාය.
වස්ත්‍රය
රියසක මඩ ඉහිරුණු කල
වස්ත්‍රය ඉරා
ඉහිරුණු තැන් සකස්
කරන්නේ ය.
ගැල 
ගොන් බැදි ගැල
ඇදීයන ගමන
නොදන්නා ගොං නාම්බා
කෙවිටට බිය වී
ගමන ඉක්මන් කරන්නේය.
චේතනාව
චේතනාව පාරිශුද්ධ නොවූ කල
වාසනාව අභිසාරුලියන් පසු පස
ගමන් කරණුයේ
චේතනාවේ පහස ලැබීමටය.
සිත
වැට මායිම් වෙන්කල සිත
ජනේල් කවුඵවෙන් එබී
බලනුයේ
මායිම දිරාපත් වී
වෙනස් වන්නේද යන්නයි.
ඇදුරා
පල් හෑලි අකුරු කල
ඇදුරා
කාවා මිත්‍ර සමාගමේ
සාමාජිකත්වය ලබාගන්නේය.
දඩුවම
සිරගතකර දඩුවම් ලබා දී 
ඇති සිත
ශරීර කුඩුවෙන් ඉවත්ව යනුයේ
බන්ධනාගාරයට  දොස් නොකියාමය.
බොරදිය
බොරදිය 
ගං පතුල අපවිත්‍ර නොකරණුයේ
පෑදි දියට බොරදිය
එක් නොවුණු
දිනයේදීය.
මිත්‍රයා
අගේ ඉදන් කනට 
කොදුරන මිත්‍රයා
කරුණාකර සවන් දෙන්න යැයි
ආයාචනය කරයි.
අලිකෙන්ද
අලිකෙන්දක පැටලී
බේරී නොයන්නෝ
නරි කෙන්දට හිස
නමන්නේය.
කම්මැලි බඩගින්න
කම්මැලිකම නින්දට
ආභරණයකි
බඩගින්න ජීවිතයට 
තෘෂ්ණාභරණයකි.
පරිසරය
පරිසරයට ආදරය කරන්නෝ
නිර්මාංශකයෝය
පරිසරය විනාශකරන්නෝ
මාංශ භක්ෂකයෝය.
බේබද්දා
බේබද්දෙක් බී මත් වී
කෙලින් ඇවිදින විට
අයෙක් සිනාසෙන්නේය
එහෙත්
බේබද්දා ඔහුට අනුකම්පා කරන්නේය.
කුහුඹුවා
ඇගිල්ලට තද වී මියයන 
කුහුඹුවා
කකුලට පෑගී මියයන විට
සිනාසෙන්නේය.
ආදරය
සෙනෙහෙවන්ත වන්දනාකරුවෝ
ආදරය ඉදිරියේ
බෝධිය දෝවන්නේය.
නිදහස සහ අවිහිංසාව
නිදහස නිදාගත් කල
අවිහිංසාව
අවදිවන්නේය.
විශ්‍රම වැටුප
විශ්‍රම ගත් රාජ්‍ය සේවකයා
තම සේවය පිළිබද ආඩම්බරවන්නේය.
එහෙයින්ම
ඔහු විශ්‍රම වැටුප
ප්‍රතික්ෂේප කළේය.
නිරුවත් සාංස්කෘතිය
නිරුවත් සංස්කෘතිය
නග්න වෙස් ගත්තේය
අසභ්‍ය චිත්‍රපට කරුවෝ
සම්භාව්‍ය සිනමා කෘති
බිහිකළේය.                  
 නිර්මාණශීලී නීර්මාණ 100  මෙම කෘතිය අඩංගුය.  ගුණදොස් සහ                             ඔබේ විවේචන ඉදිරිපත් කරන්න
                                                                                      

                                    
























                                                                                .

                 

No comments:

Post a Comment