Pages

Wednesday, February 29, 2012

කම්කරුවා, සමාජවාදය සහ රතුකමිස!

                          කම්කරුවා, සමාජවාදය සහ රතුකමිස!


කෙටියෙන් කතා නොකල හැකි මාතෘකාවක් වුවත් ඔබට හිතන්න නිර්මාණශීලී යමක් දෙන්න හැකිවේවි.ලෝකයේ ජීවත්වන සෑම අයෙක්ම මියයන තුරු ජීවත්වීම සදහා තරාතිරමක් නොමැතිව යම් වෘර්තියක යෙදිය යුතුය.එයින් ගම්‍යවන්නේ  ලෝකයේ ජීවත්වන සියල්ලෝ ගැහැණු පිරිමි බේදයකින් තොරව කම්කරුවෝය.වෙනස් වීමේදී විවිධ හේතුන් බලපාන්නේ පුද්ගලානුබද්ධ ක්‍රියාකාරකම් වලදී පමණි.ඒතැනදී බේදීමක් හටගනී.මුලින්ම දුබලයා ප්‍රබලයා පසුව ඇති හැකි, නැති බැරි වශයෙන් යම් මතවාදයන් හරහා තවත් කොටස් වලට පුද්ගලයින් කැඩී යයි. එ හරහා කල්ලිවාදයක් ගොඩනැගී ඒ කල්ලි කොටස් අතර ගැටුම් ඇතිවන්නේය. ඒ අන් කිසිවකට නොව මේ පෘතුවියේ පවතින ස්භාවික සම්පත් වැඩි ප්‍රමාණයක් තම මතවාදයේ කොටස් කරුවන් අතර බෙදාගැණීමටය.
මෙම බෙදාගැණීමේදී ඇතිවන සාධාරණ සහ අසාධාරණ ක්‍රියාවලිය පාලනය කිරීමේ ක්‍රමවේදය හෙවත් දේශපාලනය උපත ලබන්නේය.  සමාජවාදය ද ධනවාදය ද, එකාධිපතිවදය ද තව බොහෝ පාලන ක්‍රමවේදයන් ලෝකයට බිහිවන්නේ.මෙහිදීය.  ඈත ඉතිහාසයේ නොව මැත ඉතිහාසයේ වීරයෝ විදිහට එක් එක් කණ්ඩායම් සලකන නායකයින් සිටියේය.ඒ අතර බහුතර දුබලයන් සහිත පිරිස කම්කරුවන් ලෙස හදුන්වා .ඔවූන්ගේ නායකයින් යැයි හදුනාගන්නා පිරිසක් .අමුතු වෙස් ගැන්වීමකින් පසු කරලියට එන්නේ දුබලයාගේ වීරයකු ලෙසින්ය.මොහුන් ආකර්ෂනීයයි. මොහුන්ට අවශය වන්නේ දුබලයාගේ පිහිටෙන් ප්‍රබලයන්ගේ ගොඩට මාරු වීමටය. ඒ සදහා විවිධාකාර මවාපෑම් කරන්නේය.දැන් ඔබට මේ ගැන වැටහීමක් ඇති වූවා යැයි මා විශ්වාස කරමි. දැන් උදාහරණයකින් අවසන් කරන්නමි.ඉතාම මෑත කාලයේ අපේ රටේ බෝහෝම ජනප්‍රිය කොන්ඩේ රැවුල් හදාගත්ත මේ ලෝකේ දෙයක් දන්නෙ නැති. ඒත් වචන හසුරුවා ඇග හිරිවැටෙන්න කතා කලහැකි තරුණ රතු කමිස කාරයෙක් හිටියා. සිතන්න ඔබ, දන්නා  ඔහුගැන  (සමාජවාදය ,රතුකමිසය ඇදගත් කම්කරුවා?) තවමත් කවුද ඔබම නේද?  කාගෙවත් කේජු කැලි අදට වලංගු වන්නේ නැත. කේන්ති නොගෙන ඉවසීමෙන් ඔබ. ඔබ පිළිබදවම සිතන්න.හදවතට ඒකගව  මෝඩ ක්‍රියාවන් අනාගතයේදී නොකරන්න. 

No comments:

Post a Comment