Pages

Tuesday, February 28, 2012

නූගත් දේශපාලකයා සහ මානව හිමිකම්

                       
               පලමුවෙන්ම කියන්න ඕනේ නූගත් කිව්වට මේ ගොඩේ උගත් බුද්ධිමතුන් ටිකකුත් ඉන්නවා. එත් දැන් උන්ටත් අර ගිරවට වෙච්ච දේ වෙලා තියෙන්නේ.නූගත් දේශපාලකයා හරියට ගැලරියේ චිත්‍රපටියක් බලන ප්‍රේක්ෂකයා හා සමානයි.දැන් අපිට හිතෙනවා නේද  අපේ රටේ මෙහෙම මිනිස්සු කෙච්චර ඉන්නවද කියලා.මේ මිනිස්සු අපේ සිතීමේ ශක්තිය අදහස් ප්‍රකාශකිරීම විනාශ කලා.වැඩක් කරන්න දුන්නෙ ම නැහැ.ඔලුවක් නැති එහෙයි කියන්නන්ට සහ ඒවෙනුවෙන් දර දිය අදින කොන්දක් නැති මගේ මාධ්‍ය සගයෝත්  මෙවාට වගකිව යුතුයි.ඔබ කවුරුත් දන්නා පරිදි සුදුසු කමක් නැතිව ලේසියෙන් කලහැකි රැකියාව මෙන්ම ඉක්මනින් මුදල් ඉපයීමේ මාර්ගය ද මෙය වන්නේය .( බොහෝ විට අදාල වන්නේ තුන්වන ලෝකයේ රටවලට පමණි) මන්ද යත් චින්තනයෙන් සහ උගත් වුවත් බුද්ධිමත් කමෙන්අඩු අවබෝධයකින් යුත් ජනතාව ජීවත් වන්නේ මේ රටවලයි.ඔවුන්ට නව නිර්මාණ සහ අලුත් ඉදිරිපත් කිරීම් කල නොහැකි හෙයින් බයාදු සහ යටත් වීමේ ගුණයෙන් යුක්තය.ඔවුන් ලේසියෙන් නැමෙන සුලුය.එහෙත් අශාව සහ මිලෙජ්ජත්වයෙන් වැඩිය.මොවුන් සමාජය හමුවේ කැපීපෙනීමට මෙන්ම ප්‍රසිද්ධියට වැඩියෙන් ලොල්ය. ගැබුරින් සිතන්න! ඔබේ වට පිටාවේම ඕනැ තරම් උදාහරණ තිබේ.දැන් ඊලග කාරණාව මානව හිමිකම්.මේවා අවශ්‍ය වෙන්නේ මේ අයටයි. මන්ද යත් මානවයා කවුද නෙමේයි, තමන් කවුද කියා හෝ නොදත් මේ අයට හිමිකම් ගැන අවබෝද කරන්නේ කෙසේද.එහෙයින්ම මේ නිතිරිති ඔවුන් පාලනය කරන්නන් විසින්  ඔවුන්ගේ පාලනයේ පහසුව වෙනුවෙන් භාවිතා කරයි.ඒක හරියට මීහරක් රැලක් පාලනය කරන ගොපල්ලා .මීහරක් ඇනකොටා ගත්තහා ම දෙන දඩුවම හා සමානයි.දැන් ඔබ සිතන්න. කවුද මීහරක් ? කවුද ගොපල්ලා.?               
                                         අභිසංඛ

No comments:

Post a Comment