Pages

Friday, March 2, 2012

රාජ්‍ය නායකයා ජනතාව සහ ජාත්‍යන්තරය.

     
               රාජ්‍ය නායකයා  ජනතාව සහ ජාත්‍යන්තරය.






                  පේන දේවල් දකින දේවල් දිහා ඇස් පියාගෙන ඉන්න බැරි මොකක්දෝ අමාරුවක් තියනවා.මොන දේ වුනත් විවෘතව කතා කරන්නම වෙනවා.වැඩක් නැහැ කියල හිටිය අවුරුදු ගානක්.ඒත් රට හැදුනෙත් නැහැ අපි හැදුනෙත් නැහැ .හැබැයි පාපිෂ්ඨ දේශපාලඥයෝ ගැන කවර කතාද? ඔබ බොහෝ දෙනා නොදන්නා උනාට දේශපාලනයයි රාජ්‍ය පාලනයයි කියන්නෙ දෙකක්. දේශපාලනයෙන් බලයට එසේ නැත්නම් ජනතා කැමැත්තෙන්  චන්දයෙන්   පත්වන නියෝජිතයෝ පැහැදිලිවම රාජ්‍ය පාලනයේ නියෝජිතයෝ  පමණී. ඔහුන් එනවා යනවා ස්තීර නැහැ. හැබැයි රාජ්‍ය ස්තීරයි.මේක ජනතාවට වසන් කරන දේශපාලඥයා ,තම දේශපාලන  නියාය පත්‍රය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරනවා. ඒක හරියට> දැන වෙළදාම නොදැන ගොවිතැන වාගේ> . මෙලෝ දෙයක් දන්නැති පොල් කඩන මිනිහා ජනතාව  (වෘර්තීය අපහායක් නොවේ උදාහරණයක් පමණි). රවටලා චන්දෙ අරගෙන  රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සකස් කරනවා. මේක මොන අමන වැඩක්ද ? විශේෂයෙන් මෙය අදාල වන්නේ ශ්‍රී ලංකාවට ලෝකයේ  බොහෝ  රටවල රාජ්‍ය පාලනයට දේශපාලඥයෝ ඇගිලි ගසන්නේ නැත. ඔහු කරන්නේ ඔහුන්ගේ  රාජකාරිය පමණි.මෙය නූගත් දේශපාලනයේ ලක්ෂණයක්ය.ඒය තවත් ලෙසකින් කියනවා නම් ජනප්‍රිය දේශපාලනයේ රාජ්‍ය පාලනයයි.මෙහි තිබෙන අවධානම නම් සිද්ධවන්නා වූ සියලු අනිටු විපාක විදින්න සිද්ධවන්නේ ජනතාවටමයි. ඒක හරියට නයෙන් සරම අස්සේ දාගත්තා වගේ වැඩකි. අපේ නූගත් දීන චින්තන දේශපාලනය නිදහසින් පසු මේ දක්වාම සිද්ධ කළේ මෙයයි.ගංවතුරට ගහගෙන යන එක එක ජාතියේ  ජීවීන් ජීවිත බේරගැණීමට කොටේ උඩට නැගලා හිටියත්  උන් කිසිම කෙනෙකුගේ පැහැදිලි මතයක් නැහැ.ඒ වගේ තමයි එක එක ජාතියේ විකෘර්ති මත දරන උන් තමන්ගේ වාසියට එකට එකතු වී තමන්ගෙ වැඩේ කරගන්නවා මිස පොදු මහජනයා ගැන හිතන්නේ නැති අතර දීර්ග කාලීන යහපත් දෙයක් කරන්නේ ද නැත.එයින් ගම්‍ය වන්නේ ඔවුන්ට ඒ ඥාණය නැති බවයි.අවබෝධයෙන් තොරව ගන්නා වූ තීරණ ද සහචරයින්ව සතුටු කිරීමේ උපාය මාර්ග හරහා සිදුවන්නේ  සමස්ථ රටක් සහ ජනතාව අසරණ වීමයි.අද සිදුවෙමින් පවතින්නේ එයයි.හෙට අපට සිදුවන ජාත්‍යන්තර අත පෙවීම ද  සිදුවුවහොත්  එයද මේ සමස්ථ ක්‍රියාවලියේම ප්‍රතිපඵයකි.මෙයින් වාසි ලැබීමේ අපේක්ෂීතයෝ සතුටු වෙති .එහෙත් අපට පොදුවේ ඇත්තේ රට ගැන කනගාටුවකි. ජනතාව සිතාබලා කටයුතු නොකල හොත් හෙට දිනයේ ද මෙ සිද්ධියම සිදුවන්නේ ය. නිර්මාණශීලීව බුද්ධිමත්ව සිතන්න.,,,අපි ටිකක් මෝඩයි නේද? මිනිස්සු ගල් යුගයේ සිටින තුරු දේශපාලකයින්ට මෙ සියලු දේ කරගෙන යාමට පහසු වන්නේය . ඔබ ටිකක් අවදිවන්න හෙට අලුත් උදැසනක්.

                                                                                                      අභිසංඛ

No comments:

Post a Comment