Pages

Saturday, March 3, 2012

කිවයුතු වැදගත්ම දේ !..................

කිවයුතු වැදගත්ම දේ  !!..................


 මෙම  blog එක ආරම්බ කර වසර තුනකටත් ආසන්නය.එහෙත්  ක්‍රියාකාරීව පවත්වාගෙන ගියේ නැත.එයට විවිධ හේතුන් බලපැවේය. මා ශ්‍රි ලංකාව තුල අවුරුදු 16 මාධ්‍ය ක්ෂත්‍රෙයේ  ක්‍රියාකාරීව නියැලුනු අයෙක් වන අතර  හදාරා ඇති ඉහල අධ්‍යාපන සුදුසුකම් ද 100% ක්ෂත්‍රයට අදාලවමය. මේ කිසිවක්  කිසිවකුගේ පුද්ගලික ලාබ අපේක්ෂාවෙන් හෝ කිසිවකුගේ චරිත ඝාතන අරමුණු කරගනිමින්  සිදුකරන්නක් නොවේ. මා කුලියට කඩේ යන්නෙකු ද නොවේ. එසේ යාමට මට අවශ්‍යතාවයක් ද නැත.මේක මගේ සුදුසුකම් ලත් මගේම වෘර්තිය.එය මා ඉගෙනගත් දේ! මා හැම විටම අලුත්වන තාක්ෂණය සමග ගනුදෙනු කරන්නා වූ පුද්ගලයෙකි.පැහැදිලිව ම නිර්මාණකරුවෙකි.(ජනප්‍රිය රැල්ලේ ද නොවේ)හුදු මාධ්‍යකරුවෙකු හෝ වාර්ථාකරුවෙකු ද නොවේ. දැන්  මෙය සක්‍රීය කර ඇත්තේ මගේ නිර්මාණ අදහස් සහ විවේචන හරහා මගේ පාඨකයින් සහ ජනතාව දැනුවත් කිරීමටයි.දේශපාලනය මගේ ජීවිතයට අල්ප මාත්‍රයක් සම්බන්ධ නැත. එය   මා ගැන දන්නා අය දනී.ඉතාමත් ඉහල බුද්ධිමත් සහෘර්ධයින් පිරිසක් මේ වන විටත් මා වටා සිටී.  මෙය සක්‍රීය කල කෙටි කාලය තුල මාගේ සංඛ්‍යා දත්ත වලින් පෙන්වා දිය හැකිය(.මාගේ ඉදිරිපත් කිරීම් තේරුම් ගැණීමට සෑම අයෙකුටම පුළුවන් කමක් නැත්තේය) මේ වන විටත් නිර්මාණ සහ ලිපි ඇතුලත් කරමින් පවතින්නේය. මගේ වෙබ් අඩවියට පිවිසෙන  දෙස් විදෙස් සෑම කෙනෙකුම මා සාදරයෙන් පිළිගන්නවා. මා දන්නා තරමින් සිංහල අක්ෂර ගැටලු තිබෙනවා. කෙසේ වුවත් අපි පුංචි රටක් අඩු පිරිසක් කතා කරන භාෂාවක් ඒත් බොහෝම දියුණු භාෂාවක් බොහෝ නිර්මාණශීලී දේ මෙ හරහා කලහැකි බැව්" මා ඔප්පුකර පෙන් වූ අයෙකි.මාධ්‍ය මගින් ජනප්‍රිය වී, ඒ පිහිටෙන් පාර්ලිමෙන්තුවට ගිය සමහර අමනයෝ මෝඩ ප්‍රකාශ කරනවා. වෙබ් අඩවි පිළිබද" තාක්ෂණය නොදැනීම නිර්මාණශීලීව වචන පහක් ලියාගන්න බැරිකමට පිළිතුරු නැත.?ගිරව් වගේ ඔහේ කෑගහනවා විතරයි. මේ ලැජ්ජා නැති වැඩවලට මිනිස්සු අපිම තමයි වගකියන්න ඕනේ" මේ කවුරුත් තේරුම් ගතයුතු එක් දෙයක් තියනවා. අදහස් වලට වැට බදින්න බැහැ.කවුරු මොනවා කීවත් අද බලවත්ම මාධ්‍ය අන්තර්ජාලය. මේක වාරණය කරන්න පුළුවන් කමක් නැහැ.පුවත්පත් රුපවාහිනී ලෝකේ අද පල්ලම් බැහැගෙන යන්නේ දෑස් විවර කර ලෝකය දෙස විපරම් කලා නම් වැදගත්,අවසාන වශයෙන් කිවයුත්තේ එක් දෙයයි.අපට සමාජය වෙනුවෙන් යම් වගකීමක් තිබෙනවා. එය අවසන් වීමෙන් පසු මේ ගමන නිමා කරනවා. 


 අභසංඛ

No comments:

Post a Comment